හිතෝපදේශ 22:21 - Sinhala Revised Old Version මම මන්ත්‍රණ සහ දැනගැන්මත් ගැන උතුම්වූ කාරණා නුඹට නොලිවුවෙම්ද? Sinhala New Revised Version එසේ කර ඇත්තේ, ඔබ එවූ අය වෙත හරි පිළිතුරක් ගෙන යන පිණිස ය. ඔබට සත්‍යය පිළිබඳ ඥානය දෙන අදහසිනි. Sinhala New Revised Version 2018 එසේ කර ඇත්තේ, ඔබ එවූ අය වෙත හරි පිළිතුරක් ගෙන යන පිණිස ය. ඔබට සත්‍යය පිළිබඳ ඥානය දෙන අදහසිනි. |
විශ්වාස පණිවිඩකාරයා තමා යවන්නන්ට ගොයම් කපන කාලයේ හිමේ ශීතල මෙනි; ඔහු තමාගේ ස්වාමිවරුන්ගේ ආත්මය ප්‍රාණවත්කරන්නේය.
නුමුත් මේවා ලියනලද්දේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්වහන්සේ බව නුඹලා විශ්වාසකරන පිණිසත් විශ්වාසකොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය.
නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.
දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහන්නාවූ නුඹලාට මේ දේ මා ලියා එවුවේ නුඹලාට සදාකාල ජීවනය ඇති බව නුඹලා දැනගන්නා පිණිසය.