ඇරත් රජුගේ සේවකයෝ අපේ ස්වාමිවූ දාවිත් රජුට ආශීර්වාදකරන්ට ඇවිත්–දෙවියන්වහන්සේ සාලමොන්ගේ නාමය ඔබගේ නාමයට වඩා උසස්කර ඔහුගේ සිංහාසනය ඔබගේ සිංහාසනයට වඩා උතුම්කරනසේක්වයි කීවෝය. රජද යහන පිටදී නමස්කාර කෙළේය.
හිතෝපදේශ 22:1 - Sinhala Revised Old Version බොහෝ ධනයට වඩා හොඳ නමක්ද රන්රිදීවලට වඩා කරුණාවද අගනේය. Sinhala New Revised Version ධන සම්භාරයට වඩා හොඳ නාමය ද රන් රිදීවලට වඩා ගෞරවය ද අගනේ ය. Sinhala New Revised Version 2018 ධන සම්භාරයට වඩා හොඳ නාමය ද රන් රිදීවලට වඩා ගෞරවය ද අගනේ ය. |
ඇරත් රජුගේ සේවකයෝ අපේ ස්වාමිවූ දාවිත් රජුට ආශීර්වාදකරන්ට ඇවිත්–දෙවියන්වහන්සේ සාලමොන්ගේ නාමය ඔබගේ නාමයට වඩා උසස්කර ඔහුගේ සිංහාසනය ඔබගේ සිංහාසනයට වඩා උතුම්කරනසේක්වයි කීවෝය. රජද යහන පිටදී නමස්කාර කෙළේය.
එසේවුවත් ආත්මයන් නුඹලාට යටත්වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙන්නැයි කීසේක.
නුමුත් දෙවියන්වහන්සේ ඔහු සමඟ සිට, ඔහුගේ සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජවූ ඵාරාවෝ ඉදිරියෙහි කරුණාවත් ප්‍රඥාවත් ඔහුට දුන්සේක; ඒ රජ මිසරයටද තමාගේ මුළු ගෙටද ඔහු ආණ්ඩුකාරයා කොට පත්කෙළේය.
එසේය, මේ ස්ත්‍රීන්ට උපකාරකරන ලෙස සැබෑ හවුල් වැඩකරන්නෙක්වූ නුඹෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් සහ මාගේ අනික් හවුල් සේවකයන් ඇතුළුව මා සමඟ ශුභාරංචියෙහි වැඩකළෝය, ඔවුන්ගේ නාම ජීවන-පොතෙහි තිබේ.