හිතෝපදේශ 19:8 - Sinhala Revised Old Version ප්‍රඥාව ලබාගන්නා තමාගේ ආත්මයට ප්‍රේමවන්නේය; ඥානය තබාගන්නාට ශුභසිද්ධවේ. Sinhala New Revised Version ප්‍රඥාව ලබාගන්නා අර්ථ සිද්ධිය සාදාගනියි; සිහි නුවණින් ක්‍රියා කරන්නා සෞභාග්‍යය සලසාගනියි. Sinhala New Revised Version 2018 ප්‍රඥාව ලබාගන්නා අර්ථ සිද්ධිය සාදාගනියි; සිහි නුවණින් ක්‍රියා කරන්නා සෞභාග්‍යය සලසාගනියි. |
දේව වචනය සලකන්නාට ශුභසිද්ධ වන්නේය; ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නාද වාසනාවන්තයෙක්ය.
මක්නිසාද ඒවා නුඹ තුළෙහි තබාගන, ඒවා මුළුමනින්ම නුඹේ තොල්වල පිහිටන්නේ නම් එය ප්‍රසන්න දෙයක්ය.
ඔහු මට උගන්වමින් මෙසේ කීයේය: ඒ මාගේ වචන නුඹේ සිතේ තබාගන්න; මාගේ ආඥා රක්ෂාකොට ජීවත්වන්න.
ප්‍රඥාව අත් නොහරින්න, එවිට ඈ නුඹ ප්‍රවේසම්කරනවා ඇත; ඈට ප්‍රේමකරන්න, ඈද නුඹ ආරක්ෂාකරනවා ඇත.
මම අලුත් සිතක් නුඹලාට දී, අලුත් ආත්මයක් නුඹලා තුළ තබා, නුඹලාගේ මාංසයෙන් ගල් සිත පහකොට, මාංසමයවූ සිතක් නුඹලාට දෙන්නෙමි.
තමාගේ ජීවිතයට ප්‍රියවන්නාට ඒක නැතිවන්නේය; මේ ලෝකයෙහි තමාගේ ජීවිතයට වෛරකරන්නා සදාකාල ජීවනයට ඒක ආරක්ෂාකරගන්නේය.
යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.
මක්නිසාද: ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කථාකිරීමෙන්ද වලක්වාගනීවා.