හිතෝපදේශ 17:27 - Sinhala Revised Old Version තමාගේ වචන ස්වල්පකරගන්න අය දැනගැන්ම ඇති කෙනෙක්ය; නිශ්චල ආත්මයක් ඇත්තාද ඥානවන්තයෙක්ය. Sinhala New Revised Version දිව දමනය කරන්නාට ප්‍රඥාව ඇත; තැන්පත් සිතක් ඇති අයට වැටහීම ඇත. Sinhala New Revised Version 2018 දිව දමනය කරන්නාට ප්‍රඥාව ඇත; තැන්පත් සිතක් ඇති අයට වැටහීම ඇත. |
අඥානයන් අතරේ ආණ්ඩුකරන්නාගේ කෑගැසීමට වඩා නිශ්චලකමෙන් කියන ප්‍රඥාවන්තයන්ගේ වචන අසනු ලැබේ.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.
මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.