එබැවින් ස්වාමීන්වහන්සේ රාජ්‍යය ඔහු අතේ ස්ථිරකළසේක; සියලු යූදාවරු යෙහෝෂාපාට්ට තෑගි ගෙනාවෝය; වස්තුවද ගෞරවයද ඔහුට බොහෝසෙයින් තිබුණේය.
හිතෝපදේශ 16:12 - Sinhala Revised Old Version දුෂ්ටකම්කිරීම රජවරුන්ට පිළිකුලක්ය; මක්නිසාද සිංහාසනය ස්ථිරවෙන්නේ ධර්මිෂ්ඨකමෙන්ය. Sinhala New Revised Version පව්කම් නිරිඳුන්ට පිළිකුලකි, සිහසුන රඳන්නේ දැහැමිකම මත ය. Sinhala New Revised Version 2018 පව්කම් නිරිඳුන්ට පිළිකුලකි, සිහසුන රඳන්නේ දැහැමිකම මත ය. |
එබැවින් ස්වාමීන්වහන්සේ රාජ්‍යය ඔහු අතේ ස්ථිරකළසේක; සියලු යූදාවරු යෙහෝෂාපාට්ට තෑගි ගෙනාවෝය; වස්තුවද ගෞරවයද ඔහුට බොහෝසෙයින් තිබුණේය.
රජ්ජුරුවන්ගේ ශක්තිය වනාහි යුක්තියට ප්‍රියවෙයි; සාධාරණකම පිහිටුවන්නේ ඔබය, යාකොබ්හි යුක්තියත් ධර්මිෂ්ඨකමත් සිදුකරන්නේ ඔබය.
නුමුත් නොදැන, පහර ලැබීමට සුදුසු දේ කළාවූ අය පහර ස්වල්පයක් ලබන්නේය. යමෙකුට බොහෝ දේ දෙනලද්දේද, ඔහුගෙන් බොහෝ දේ අයකරනු ලබන්නේය. යමෙකුට බොහෝ දේ භාරදෙනලද්දේද, ඔහුගෙන් වඩා ඉල්ලනු ලබන්නේය.
මක්නිසාද එබඳු දේ කරන සියල්ලෝ එනම් අධර්මිෂ්ඨ ලෙස ක්‍රියාකරන සියල්ලෝ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
එවිට ස්වර්ගය ඇරී තිබෙනවා දුටුමි; බලව, සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය, සැබෑයයි කියනු ලැබූ තැනන්වහන්සේ ඌ පිට වැඩහුන්සේක; උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරනසේක.