හිතෝපදේශ 15:17 - Sinhala Revised Old Version වෛරය ඇතුව තර ගොනෙකුගේ මසට වඩා ප්‍රේමය ඇතුව පලා කෑම හොඳය. Sinhala New Revised Version වෛරය ඇති ව රස මස’වුළු බුදීමට වඩා, සෙනෙහස ඇති ව ලුණු කැඳ බීම හොඳ ය. Sinhala New Revised Version 2018 වෛරය ඇති ව රස මස’වුළු බුදීමට වඩා, සෙනෙහස ඇති ව ලුණු කැඳ බීම හොඳ ය. |
තරඟ ඇත්තාවූ, මංගල භෝජනවලින් පිරී තිබෙන ගෙයකට වඩා සමාදානය ඇතුව වියළි රොටි කෑල්ලක් හොඳය.
වෙහෙසීමෙන්ද හිස්වූ උත්සාහයෙන්ද දෑත පුරවාගන්නවාට වඩා නිශ්චලකමෙන් එක මිටක් පුරවාගන ඉඳීම හොඳය.
නැවතත් ඔහු වෙන දාසයන් යවමින්: මෙන්න, මාගේ කෑම පිළියෙළකර තිබේ. මාගේ ගොන්නුද තර සත්තුද මරනලද්දෝය, සියල්ල සූදානම්ව තිබේ. මංගල්‍යයට එන්නය කියා ආමන්ත්‍රණය ලැබූ අයට කියන්නැයි කීවේය.
ඉතින් ක්‍රිස්තුස්වහන්සේ තුළ යම් අස්වැසිල්ලක් ඇත්නම්, ප්‍රේමයේ යම් සැනසිල්ලක් ඇත්නම්, ආත්මයාණන් වහන්සේගේ යම් පංගුකාරකමක් ඇත්නම්, යම් ආදරයක් සහ දයාබරකමක් ඇත්නම්,
දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාසකරගන සිටිමුව. දෙවියන්වහන්සේ ප්‍රේමයය; ප්‍රේමයෙහි පවතින්නා දෙවියන්වහන්සේ තුළ සිටි, දෙවියන්වහන්සේද ඔහු තුළ සිටිනසේක.