එකල දාවිත්: සාවුල් සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන් මළ බව නුඹ දන්නේ කොහොමදැයි තමාට කී යෞවනයාගෙන් ඇසීය.
හිතෝපදේශ 14:15 - Sinhala Revised Old Version නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි. Sinhala New Revised Version නූගතා තමාට ඇසෙන සැම දෙය ම විශ්වාස කරයි; උගතා තම පියවර හොඳින් විමසා බලයි. Sinhala New Revised Version 2018 නූගතා තමාට ඇසෙන සැම දෙය ම විශ්වාස කරයි; උගතා තම පියවර හොඳින් විමසා බලයි. |
එකල දාවිත්: සාවුල් සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන් මළ බව නුඹ දන්නේ කොහොමදැයි තමාට කී යෞවනයාගෙන් ඇසීය.
ඔව්හු මේ ප්‍රකාරයට සතර වරක් මට කියා එවුවෝය; මම වනාහි ඒ ප්‍රකාරයට ඔවුන්ට උත්තර ඇරියෙමි.
සිතින් පසුබටවෙන්නා තමාගේම මාර්ගවලින්ද යහපත් මනුෂ්‍යයා තමාගේම පැවැත්මෙන්ද තෘප්තියට පැමිණෙයි.
ඔහු බුද්ධිමත් මනුෂ්‍යයෙක්වූ සර්ගියස් පාවුලස් නම් අධිපතියා සමඟ සිටියේය. ඒ අධිපති තෙමේ බාර්ණබස් සහ සාවුල් කැඳවාගෙන, දෙවියන්වහන්සේගේ වචනය අහන්ට ආශාවුණේය.
තවද අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපායෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් නැමති සුළඟින් ඈත මෑත විසිවෙමින් ගෙනයනු ලබන්නාවූ බාලයන් නොවන පිණිසත්,
ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරන්න.