සෙකරියා 7:13 - Sinhala Revised Old Version එසේ උන්වහන්සේ අඬගැසූ කල ඔවුන් නාසා සිටියාක්මෙන් ඔවුන් අඬගසන කල මමත් නාසා සිට, Sinhala New Revised Version ‘මා අඬගසන කල ඔවුන් සවන් නුදුන් නිසා, ඔවුන් අඬගසන කල මම පිළිතුරු නොදෙන්නෙමි’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. Sinhala New Revised Version 2018 ‘මා අඬගසන කල ඔවුන් සවන් නුදුන් නිසා, ඔවුන් අඬගසන කල මම පිළිතුරු නොදෙන්නෙමි’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. |
නුඹලාගේ අත් විදහනකල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ.
මා ආවිට කිසිවෙක් නොසිටියෙත් මා අඬගැසූ විට උත්තරදෙන්ට කිසිවෙක් නොසිටියෙත් මක්නිසාද? මුදන්ට බැරි හැටියට මගේ අත ඇත්තටම කොටවී තිබේද? නොහොත් ගළවන්ට මා වෙත බලය නැද්ද? බලව, මාගේ තරවටුකිරීමෙන් මුහුද හින්දවමි, ගංගාවන් කාන්තාරයක් කරමි; වතුර නැති නිසා එහි මත්ස්‍යයන් ගඳගසනවා ඇත, පිපාසායෙන් මැරෙනවා ඇත.
ඔව්හු මාගේ වචන අසන්ට අකැමැතිවූ ඔවුන්ගේ පළමු පියවරුන්ගේ අපරාධවලට හැරී, අන් දෙවිවරුන්ට සේවයකරන්ට ඒවා පස්සේ ගියෝය. ඉශ්‍රායෙල් වංශය සහ යූදා වංශයත් මා විසින් ඔවුන්ගේ පියවරුන් හා සමඟ කළ ගිවිසුම කඩකර තිබේ.
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, ඔවුන්ට ගැළවෙන්ට බැරි විපත්තියක් ඔවුන් පිටට පමුණුවන්නෙමි; ඔවුන් මට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමි.
ඒ නිසා නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න, ඔවුන් උදෙසා විලාපයද යාච්ඤාවද ඔප්පුනොකරන්න. මක්නිසාද ඔවුන් තමුන්ගේ විපත්තිය නිසා මට යාච්ඤාකරන කාලයේදී මම ඔවුන්ගේ වචන නොඅසන්නෙමි.
ඔවුන් නිරාහාරව සිටින කල මම ඔවුන්ගේ කන්නලව්ව නොඅසන්නෙමි; ඔවුන් දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකරන විටත් මම ඒවා පිළිනොගෙන, කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඔවුන් විනාශකරන්නෙමියි කීසේක.
යූදා වැලපෙයි, එහි දොරටුද මලානිකවෙයි; කළු ඇඳගෙන ඔව්හු බිම හිඳිති; යෙරුසලමේ කෑගැසීමද නැගී ගියේය.
නුඹ මේ සියලු වචන ඔවුන්ට කථාකරන නුමුත් ඔව්හු නුඹට කන් නොදෙන්නෝය. නුඹ ඔවුන්ට අඬගසන නුමුත් ඔව්හු නුඹට උත්තර නොදෙන්නෝය.
මනුෂ්‍ය පුත්‍රය මේ මනුෂ්‍යයෝ තමුන්ගේ දේවරූප තමුන්ගේ සිත්වල පිහිටුවාගෙන, තමුන්ගේ අයුතුකම නැමති පැකිලීමේ ගල තමුන්ගේ මුහුණු ඉදිරිපිට තබාගන සිටිති. මාගෙන් විභාගකරන්ට ඔවුන්ට කොහෙත්ම ඉඩදිය යුතුද?
මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ට කථාකොට ඔවුන්ට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–නුඹලා ආවේ මාගෙන් විභාගකරන්ටද? මා ජීවමාන බව සැබෑවා සේම නුඹලාගේ විභාග කිරීමට මම ඇහුම්කන් නොදෙන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
එබැවින් මමත් කෝපයෙන් ක්‍රියාකරන්නෙමි. මාගේ ඇස දයා නොකරන්නේය, මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහත් හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමියි මට කීසේක.
එකල ඔව්හු ස්වාමීන්වහන්සේට මොරගසන්නෝය, නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නොදී, ඔවුන් නපුරු ක්‍රියාවල් කළ හෙයින් ඒ කාලයේදී තමන්ගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නාසේක.
ගෙයි ස්වාමීයා නැගිට දොර වැසුවායින් පසු, නුඹලා පිටත සිට දොරට තට්ටුකරන්ට පටන්ගෙන: ස්වාමීනි, අපට දොර ඇරිය මැනවයි කියන කල, උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා කොතැනින් ආවාද කියා නොදනිමියි නුඹලාට කියන්නේය.
නුඹලා ඉල්ලන නුමුත් නුඹලාගේ තෘෂ්ණා ගැන වියදම්කරන පිණිස වැරදිලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත.