යෝසෙප් ඵාරාවෝට උත්තරදෙමින්: මා නොව දෙවියන්වහන්සේ ඵාරාවෝට සමාදාන උත්තරයක් දෙනසේකැයි කීවේය.
සෙකරියා 4:5 - Sinhala Revised Old Version මා සමග කථාකළ දූතයා මට උත්තරදෙමින්: මේවා මොනවාද කියා නුඹ දන්නේ නැද්දැයි මට කීවේය. මාගේ ස්වාමිනි, නැතැයි මම කීවෙමි. Sinhala New Revised Version “නුඹ දන්නේ නැද්දැ”යි ඔහු ඇසී ය. “නැත, ස්වාමීනි”යි මම පිළිතුරු දිනිමි. Sinhala New Revised Version 2018 “නුඹ දන්නේ නැද්දැ”යි ඔහු ඇසී ය. “නැත, ස්වාමීනි”යි මම පිළිතුරු දිනිමි. |
යෝසෙප් ඵාරාවෝට උත්තරදෙමින්: මා නොව දෙවියන්වහන්සේ ඵාරාවෝට සමාදාන උත්තරයක් දෙනසේකැයි කීවේය.
මටත් මේ රහස එළිදරව්වුණේ ජීවත්ව සිටින සියල්ලන්ට වඩා මට ප්‍රඥාව තිබෙන නිසා නොව, අර්ථය රජුට දන්වනු සඳහාත් ඔබගේ සිතේ සිතිවිලි ඔබ දැනගන්නා පිණිසත්ය.
එවිට මම: මාගේ ස්වාමිනි, මොව්හු කවුරුදැයි ඇසුවෙමි. මා සමග කථාකළ දූතයාද: මොව්හු කවුරුද කියා මම නුඹට පෙන්වන්නෙමියි කීවේය.
මා සමග කථාකළ දූතයා නැවත ඇවිත් නින්දෙන් පුබුදුවනු ලබන්නාවූ මනුෂ්‍යයෙකු මෙන් මා පුබුදුවා:
ඔහු මට උත්තරදෙමින්: මේවා මොනවාද කියා නුඹ දන්නේ නැද්දැයි ඇසුවේය. මාගේ ස්වාමිනි, නැතැයි කීමි.
තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මේ උපමාව නුඹලා නොදනිවුද? එසේ නම් නුඹලා සියලු උපමා කෙලෙස දැනගන්නහුද? වපුරන්නා වචනය වපුරයි.