ඔව්හු කථාකොට-සමහරෙක්: යොහන් බව්තීස්තය කියාද, අන් සමහරෙක්: එලියාය කියාද, තවත් අය: යෙරෙමියා නොහොත් අනාගතවක්තෘන්ගෙන් එක්කෙනෙක්ය කියාද කියතියි කීවෝය.
ලූක් 9:8 - Sinhala Revised Old Version සමහරෙක්: එලියා පහළවුණේය කියාත්, අන් සමහරෙක්: පෙර සිටි අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙක් නැගුටුණේය කියාත් කීවෝය. Sinhala New Revised Version සමහරුන්, ‘එලියා පහළ වූයේ ය’ කියාත්, අන් සමහරුන්, ‘පෙර සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් උත්ථාන වී ය’ කියාත් කී බැවිනි. සිංහල කාලීන පරිවර්තනය දිවැසිවර එලියා පැමිණ ඇතැයි ද අන් සමහරු, පෙර විසූ දිවැසිවරයකු යළිත් නැගිට ඇතැයි ද කී බැවිනි. Sinhala New Revised Version 2018 සමහරුන්, ‘එලියා පහළ වූයේ ය’ කියාත්, අන් සමහරුන්, ‘පෙර සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් උත්ථාන වී ය’ කියාත් කී බැවිනි. |
ඔව්හු කථාකොට-සමහරෙක්: යොහන් බව්තීස්තය කියාද, අන් සමහරෙක්: එලියාය කියාද, තවත් අය: යෙරෙමියා නොහොත් අනාගතවක්තෘන්ගෙන් එක්කෙනෙක්ය කියාද කියතියි කීවෝය.
උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: එසේවී නම් එලියා පළමුවෙන් එන්ට ඕනෑයයි ලියන්නෝ කුමක් නිසා කියන්නෝදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
නුමුත් සමහරෙක්: ඔහු එලියායයි කීවෝය. අන් සමහරෙක්: අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙකු මෙන් ඔහු අනාගතවක්තෘ කෙනෙක්යයි කීවෝය.
ඔව්හු උත්තරදෙමින්, යොහන් බව්තීස්තය කියාත් සමහරෙක් එලියාය කියාත් සමහරෙක් අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙක්ය කියාත් කියතියි කීවෝය.
ඔව්හු උත්තර දෙමින්: යොහන් බව්තීස්තය; එහෙත් සමහරෙක් එලියාය; අන් සමහරෙක්, පුරාණ අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙක් නැවත නැගිට සිටීය කියා කියතියි කීවෝය.
ඔව්හුද: එසේ නම් මොකද? නුඹ එලියාදැයි ඔහුගෙන් ඇසුවෝය. එසේ නොවේයයි ඔහු කීය. නුඹ අනාගතවක්තෘදැයි ඇසූ කල, නැතැයි ඔහු උත්තරදුන්නේය.