ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 9:34 - Sinhala Revised Old Version

ඔහු මේ කාරණා කියද්දීම වලාපටලයක් පැමිණ. ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. වලාකුළට ඇතුල්වූ කල ඔව්හු භයවූවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු මෙ‍ය කියද්දී ම වලාකුළක් නැඟී ඔවුන් සිසාරා පැතිරිණි. වලාකුළ ඔවුන් වසාගත් කල ඔව්හු භීතියට පත් වූ හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔහු එසේ කියද්දී වලාකුළක් ඔවුන් වසා ගත්තේ ය. වලාවෙන් වැසී ගිය කල, ඔවුහු බය වූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු මෙ‍ය කියද්දී ම වලාකුළක් නැඟී ඔවුන් සිසාරා පැතිරිණි. වලාකුළ ඔවුන් වසාගත් කල ඔව්හු භීතියට පත් වූ හ.

පරිච්ඡේදය බලන්න



ලූක් 9:34
12 හුවමාරු යොමු  

මිසරය ගැන දිව්‍ය ප්‍රකාශනයය. බලව, ස්වාමීන්වහන්සේ ශීඝ්‍ර වලාකුළක් පිට නැගී මිසරයට එනසේක. මිසරයේ පිළිම උන්වහන්සේ ඉදිරියෙහි චංචලවන්නෝය, මිසරවරුන්ගේ සිත්ද ඔවුන් තුළ දියවෙනවා ඇත.


මම පමණක් ඉතිරිව සිට, ඒ මහත් දර්ශනය දුටුවෙමි, කිසි ශක්තියක් මා තුළ ඉතිරි නොවීය. මා කෙරෙහි මාගේ ශෝභනකමද අජීවකමට හැරුණේය, කිසි ශක්තියක්ද මා තුළ නොපැවතුණේය.


තවද ඔවුන් උන්වහන්සේ වෙතින් වෙන්ව යද්දී, පේතෘස් තමා කියන්නේ කුමක්දැයි නොදන්නේ: ආචාරිනි, අපට මෙහි සිටීම යහපත. එබැවින් කූඩාරම් තුනක් සාදමු; ඔබට එකක්ය, මෝසෙස්ට එකක්ය, එලියාට එකක්යයි උන්වහන්සේට කීවේය.


එවිට මේ මාගේ පුත්‍රයාණෝය, මාගේ තෝරාගත් තැනැත්තේය. මොහුට ඇහුම්කන්දෙන්නැයි වලාකුළෙන් හඬක් නික්මුණේය.


මම උන්වහන්සේ දුටු විට මළ කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක්: භය නොවන්න; මම පළමුවෙනියා සහ අන්තිමයාය,


මානෝවා: අප දෙවියන්වහන්සේ දුටු නිසා ඒකාන්තයෙන් නසිනවා ඇතැයි තමාගේ භාර්යාවට කීවේය.


ඒ ස්වාමීන්වහන්සේගේ දූතයා බව ගිඩියොන් දැක: අහෝ, ස්වාමිවූ දෙවියන්වහන්ස! මක්නිසාද මම ස්වාමීන්වහන්සේගේ දූතයා මුහුණට මුහුණලා දුටිමියි කීය.