සැබවක් නුඹලාට කියමි: ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නොනැගුටුණේය. නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.
ලූක් 7:28 - Sinhala Revised Old Version ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතුරෙන් යොහන්ට වඩා උත්තමයෙක් ඇත්තේ නැතැයි නුඹලාට කියමි. එහෙත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.– Sinhala New Revised Version මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් නැතැ යි මම ඔබට කියමි. එහෙත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද ඔහුට වඩා ශ්‍රේෂ්ඨය”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය මා ඔබට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් උපන් කිසිවකු යොහන්ට වඩා උතුම් නො වන බවයි; එහෙත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ඉතාම සුළු තැනැත්තා පවා ඔහුට වඩා උතුම් ය.” Sinhala New Revised Version 2018 මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් නැතැ යි මම ඔබට කියමි. එහෙත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද ඔහුට වඩා ශ්‍රේෂ්ඨය”යි වදාළ සේක. |
සැබවක් නුඹලාට කියමි: ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නොනැගුටුණේය. නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.
යොහන් සියල්ලන්ට උත්තර දෙමින්: මම වනාහි වතුරෙන් බව්තීස්ම කරමි; නුමුත් මට වඩා බලවන්තයා එනසේක, උන්වහන්සේගේ වහන්වල පටිය මුදන්ටවත් මම නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන්ද ගින්නෙන්ද නුඹලා බව්තීස්ම කරනසේක.
බලව, මාගේ දූතයා නුඹට පෙරටුව යවමි, ඔහු නුඹ ඉදිරියෙහි නුඹේ මාර්ගය සාදන්නේය කියා ලියා තිබෙන්නේ මොහු ගැනය.
මුළු සෙනඟද සුංගම් අයකරන්නෝද ඒ අසා, ඔවුන් යොහන්ගේ බව්තීස්මයෙන් බව්තීස්මය ලැබ සිටි නිසා, දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ බව ඒත්තුගත්තෝය.
යමෙක් මාගේ නාමයෙන් මේ කුඩා ළමයා පිළිගන්නේද ඔහු මා පිළිගන්නේය. යමෙක් මා පිළිගන්නේද ඔහු මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේය. කුමක් හෙයින්ද නුඹලා සියල්ලන් අතරෙහි ඉතා කුඩා අයම උතුම්යයි ඔවුන්ට කීසේක.