Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 7:27 - Sinhala Revised Old Version

27 බලව, මාගේ දූතයා නුඹට පෙරටුව යවමි, ඔහු නුඹ ඉදිරියෙහි නුඹේ මාර්ගය සාදන්නේය කියා ලියා තිබෙන්නේ මොහු ගැනය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ‘බලන්න, මාගේ දූතයා ඔබ පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ ඔබ ඉදිරියෙහි පිළියෙළ කරන්නේ ය’යි ශුද්ධ ලියවිල්ලේ ලියා ඇත්තේ මොහු ගැන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 මෙසේ ලියා තියෙන්නේ ඔහු ගැනයි: “ ‘මෙන්න මම මාගේ දූතයා ඔබට පෙරටුව යවමි. ඔබ ඉදිරියේ ඔහු ඔබේ පෙරමඟ සකසනු ඇත.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ‘බලන්න, මාගේ දූතයා ඔබ පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ ඔබ ඉදිරියෙහි පිළියෙළ කරන්නේ ය’යි ශුද්ධ ලියවිල්ලේ ලියා ඇත්තේ මොහු ගැන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 7:27
10 හුවමාරු යොමු  

මෙන්න, මාගේ දූතයා එවමි, ඔහු මට පෙරටුව මාර්ගය පහදන්නේය. එවිට නුඹලා සොයන ස්වාමීන්වහන්සේ හදිසියෙන් තමන් මාළිගාවට එනසේක; එසේය, නුඹලා ආශාවන ගිවිසුමේ දූතයා එන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


එසේය, දරුව, නුඹ මහෝත්තමයාණන්ගේ අනාගතවක්තෘයයි කියනු ලබන්නෙහිය. මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ මාර්ග පිළියෙළකරන්ට,


බලව, මම මාගේ දූතයා නුඹට පෙරටුව යවමි, හෙතෙම නුඹේ මාර්ගය සාදන්නේය;


ඔහුද: මම වනාහි අනාගතවක්තෘවූ යෙසායා කී හැටියට–ස්වාමීන්වහන්සේගේ මාර්ගය සමතලාකරන්නය කියා වනයෙහි හඬගසන්නෙකුගේ ශබ්දය වෙමියි කීවේය.


මක්නිසාද– මෙන්න, මම මාගේ දූතයා ඔබට පෙරටුව යවමි, ඔහු නුඹ ඉදිරියෙහි නුඹේ මාර්ගය සාදන්නේයයි ලියා තිබෙන්නේ මොහු ගැනය.


කාන්තාරයෙහි ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාදා, අපේ දෙවියන්වහන්සේට වනයෙහි මාවතක් සමතලාකරන්න.


නුමුත් කුමක් බලන්ට ගියහුද? අනාගතවක්තෘ කෙනෙක්ද? එසේය, නුඹලාට කියමි, අනාගතවක්තෘ කෙනෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙක්ය.


ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතුරෙන් යොහන්ට වඩා උත්තමයෙක් ඇත්තේ නැතැයි නුඹලාට කියමි. එහෙත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.–


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්