ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 5:5 - Sinhala Revised Old Version

සීමොන් උත්තරදෙමින්: ස්වාමිනි, අපි මුළු රාත්‍රියෙහිම වෙහෙසවීමුව, නුමුත් මොකවත් ඇල්ලුවේ නැත. එහෙත් ඔබගේ වචනය නිසා දැල් හෙළමියි කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සීමොන් පිළිතුරු දෙමින්, “ස්වාමීනි, රෑ මුළුල්ලේ ම වෙහෙස වූ නමුත් අපි කිසිවක් නොලදිමු. එහෙත් ඔබ කියන සේක් නම් දැල් හෙළමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

සීමොන් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, රෑ මුළුල්ලේම වෙහෙස දරලත් අපට ලැබුණු දෙයක් නැහැ. එනමුත් ඔබතුමාගේ වචනය නිසා මම දැල් හෙළන්නෙමි” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සීමොන් පිළිතුරු දෙමින්, “ස්වාමීනි, රෑ මුළුල්ලේ ම වෙහෙස වූ නමුත් අපි කිසිවක් නොලදිමු. එහෙත් ඔබ කියන සේක් නම් දැල් හෙළමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න



ලූක් 5:5
14 හුවමාරු යොමු  

මසුන් අල්ලන්නන් ඒක අද්දර සිටිනවා ඇත. ඒන්-ගෙදියේ සිට ඒන්-එග්ලයිම් දක්වා දැල් අතුරන ස්ථාන වන්නේය; එහි මත්ස්‍යයෝ මහ මුහුදේ මත්ස්‍යයන් මෙන් එක එක වර්ගයේ හැටියට මහත් ගණනක් ඉන්නෝය


ඔව්හු දුරින් සිට: යේසුස්වහන්ස, ආචාරීන්වහන්ස, අපට කරුණාකළ මැනවයි ශබ්දනගා කීවෝය.


ඔව්හු උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේ පුබුදුවා: ආචාරිනි, ආචාරිනි, අපි විනාශවෙනවායයි කීවෝය. උන්වහන්සේ පිබිද, හුළඟටත් චණ්ඩ රැළගැසීමටත් සැරකළසේක. එකල ඒවා නැවතී නිශ්චලයක් විය.


එවිට යේසුස්වහන්සේ: මට අතගැසුවේ කවුදැයි ඇසූසේක. අප නොවේයයි සියල්ලන් කී කල්හි පේතෘස්ද ඔහු සමඟ සිටියෝද කථාකොට: ආචාරිනි, සමූහයා ඔබට හැපෙමින් තෙරපෙමින් සිටිතියි කීවෝය.


තවද ඔවුන් උන්වහන්සේ වෙතින් වෙන්ව යද්දී, පේතෘස් තමා කියන්නේ කුමක්දැයි නොදන්නේ: ආචාරිනි, අපට මෙහි සිටීම යහපත. එබැවින් කූඩාරම් තුනක් සාදමු; ඔබට එකක්ය, මෝසෙස්ට එකක්ය, එලියාට එකක්යයි උන්වහන්සේට කීවේය.


යොහන් උත්තරදෙමින්: ආචාරිනි, එක්කෙනෙකු ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරුකරනවා දුටිමුව; ඔහු අප අනුවනේන නිසා ඔහුට තහනම්කෙළෙමුයයි කීවේය.


මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය.


උන්වහන්සේගේ මෑණියෝ: උන්වහන්සේ නුඹලාට කියන කොයි දෙයක් නුමුත් කරන්නැයි මෙහෙකරුවන්ට කීවාය.


සීමොන් පේතෘස්: මසුන් අල්ලන්ට යමියි ඔවුන්ට කීවේය. අපිත් නුඹ සමඟ එමුයයි ඔව්හු ඔහුට කීවෝය. ඔව්හු පිටත්ව ගොස් ඔරුවට නැගුණෝය; නුමුත් ඒ රාත්‍රියේ ඔවුන් කිසිවක් ඇල්ලුවේ නැත.