Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 5:5 - Sinhala New Revised Version 2018

5 සීමොන් පිළිතුරු දෙමින්, “ස්වාමීනි, රෑ මුළුල්ලේ ම වෙහෙස වූ නමුත් අපි කිසිවක් නොලදිමු. එහෙත් ඔබ කියන සේක් නම් දැල් හෙළමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 සීමොන් පිළිතුරු දෙමින්, “ස්වාමීනි, රෑ මුළුල්ලේ ම වෙහෙස වූ නමුත් අපි කිසිවක් නොලදිමු. එහෙත් ඔබ කියන සේක් නම් දැල් හෙළමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 සීමොන් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, රෑ මුළුල්ලේම වෙහෙස දරලත් අපට ලැබුණු දෙයක් නැහැ. එනමුත් ඔබතුමාගේ වචනය නිසා මම දැල් හෙළන්නෙමි” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 සීමොන් උත්තරදෙමින්: ස්වාමිනි, අපි මුළු රාත්‍රියෙහිම වෙහෙසවීමුව, නුමුත් මොකවත් ඇල්ලුවේ නැත. එහෙත් ඔබගේ වචනය නිසා දැල් හෙළමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 5:5
14 හුවමාරු යොමු  

උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, ‘මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ’යි කී හ.


මා ඔබට අණ කරන දේ ඔබ කරන්නහු නම්, ඔබ මාගේ මිතුරෝ ය.


සීමොන් පේදුරු, “මම මසුන් අල්ලන්න යමි”යි ඔවුන්ට කී ය. “අපිත් ඔබ සමඟ එමු”යි ඔව්හු ඔහුට කී හ. ඔව්හු පිටත් ව ගොස් ඔරුවට නැංගා හ. එහෙත් ඒ රාත්‍රියේ ඔවුන් කිසිවක් ඇල්ලුවේ නැත.


ඔව්හු අවුත් උන් වහන්සේ පුබුදුවා, “ස්වාමීනි, ස්වාමීනි, අප විනාශ වෙන්න ළඟ ය”යි කී හ. උන් වහන්සේ පිබිද, මාරුතයට ද රළු තරංගවලට ද තර්ජනය කළ සේක. එවිට මාරුතය සංසිඳී නිශ්චලත්වයක් ඇති විය.


ඔව්හු දුරින් සිට, “ජේසුස් වහන්ස, ආචාරීනි, අපට කරුණා කළ මැනවැ”යි හඬ නඟා කී හ.


තවද, මෝසෙස් සහ එලියා උන් වහන්සේ වෙතින් වෙන් ව යද්දී, පේදුරු තමා කුමක් කියන්නේ දැ යි නොදැන, “ස්වාමීනි, මෙ‍හි සිටීම අපට වාසනාවකි. එබැවින් මණ්ඩප තුනක් සාදමු; එකක් ඔබට ය, එකක් මෝසෙස්ට ය; එකක් එලියාට ය”යි කී ය.


ජොහන් කතා කරමින්, “ස්වාමීනි, එක් මිනිසෙක් ඔබගේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු කරනු දුටිමු; ඔහු අපේ පක්ෂයට අයිති නැති නිසා ඔහුට තහනම් කෙළෙමු”යි කී ය.


මසුන් අල්ලන්නන් එය අද්දර සිටිනු ඇත. ඒන්-ගෙදියේ සිට ඒන්-එග්ලයිම් දක්වා දැල් අතුරන ස්ථාන ඇති වන්නේ ය. එහි මත්ස්‍යයෝ මුහුදේ මත්ස්‍යයන් මෙන් එක එක වර්ගයේ හැටියට මහා ගණනක් සිටිති.


එවිට ජේසුස් වහන්සේ, “මගේ ඇඟට අත තැබුවේ කවරෙක් දැ”යි ඇසූ සේක. එසේ නොකළ බව හැම දෙන ම කී කල්හි, පේදුරු කතා කොට, “ස්වාමීනි, සමූහයා ඔබට හැපෙමින් තෙරපෙමින් සිටිති”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්