මාගේ පනත් රක්ෂාකරන්න. නුඹේ ගවයන්ට වෙනස් වර්ගයක සතුන් සමඟ සංවාසය කරන්ට ඉඩ නොදියයුතුය. දෙවර්ගයක බීජ නුඹේ කෙතේ නොවපුළ යුතුය. දෙවර්ගයක නූල් මිශ්‍රකර වියාපු වස්ත්‍රයක් හැඳ නොගත යුතුය.
ලූක් 5:36 - Sinhala Revised Old Version උන්වහන්සේ ඔවුන්ට උපමාවක්ද කියමින්: කිසිවෙක් අලුත් වස්ත්‍රයකින් කැබෙල්ලක් ඉරාගෙන පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මැහුවොත් අලුත් එක ඉරෙනවාත් ඇර අලුත් එකෙන් ගත් කැබෙල්ල පරණ එකට සම නොවන්නේය. Sinhala New Revised Version උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව ද වදාළ සේක: “කිසිවෙකු අලුත් ඇඳුමකින් රෙදිකඩක් ඉරා පරණ ඇඳුමකට අල්ලා මහන්නේ නැත. එසේ කළොත් අලුත් ඇඳුම ඉරී යනවා පමණක් නොව, අලුත් ඇඳුමෙන් ගත් කෑල්ල පරණ ඇඳුමට කැපෙන්නේ ද නැත. සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ ඔවුන්ට උපමා කතාවක් කියමින්, “කිසිවකු අලුත් ඇඳුමකින් රෙදි කඩක් ඉරා, පරණ ඇඳුමකට අණ්ඩ දමන්නේ නැත. එසේ කළොත්, අලුත් ඇඳුම ඉරා දැමෙනවාත් හැර, අලුත් කැබැල්ල පරණ එකට ගැලපෙන්නේ ද නැත. Sinhala New Revised Version 2018 උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව ද වදාළ සේක: “කිසිවෙකු අලුත් ඇඳුමකින් රෙදිකඩක් ඉරා පරණ ඇඳුමකට අල්ලා මහන්නේ නැත. එසේ කළොත් අලුත් ඇඳුම ඉරී යනවා පමණක් නොව, අලුත් ඇඳුමෙන් ගත් කෑල්ල පරණ ඇඳුමට කැපෙන්නේ ද නැත. |
මාගේ පනත් රක්ෂාකරන්න. නුඹේ ගවයන්ට වෙනස් වර්ගයක සතුන් සමඟ සංවාසය කරන්ට ඉඩ නොදියයුතුය. දෙවර්ගයක බීජ නුඹේ කෙතේ නොවපුළ යුතුය. දෙවර්ගයක නූල් මිශ්‍රකර වියාපු වස්ත්‍රයක් හැඳ නොගත යුතුය.
නුමුත් මනමාලයා ඔවුන්ගෙන් අහක්කරනු ලබන දවස් පැමිණෙන්නේය; එකල ඒ දවස්වලදී ඔවුන් නිරාහාරව සිටිනවා ඇතැයි කීසේක.
කිසිවෙක් අලුත් මුද්‍රිකපානය පරණ සම්භාජනවල වත් නොකරයි; වත්කළොත් අලුත් මුද්‍රිකපානයෙන් සම්භාජන පැළී, මුද්‍රිකපානය වැගිරී ගොස්, සම්භාජනත් නාස්තිවන්නේය.
දේවතා රූප සමඟ දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවියන්වහන්සේගේ මාළිගාවය; එසේම දෙවියන්වහන්සේ කථාකොට: මම ඔවුන් අතරේ වාසයකරන්නෙමි, හැසිරෙන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමි, ඔව්හුද මාගේ සෙනඟව සිටින්නෝයයි කීසේක.