ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 4:8 - Sinhala Revised Old Version

යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට නමස්කාර කරනු; උන්වහන්සේට පමණක් සේවය කරනු’ කියා ලියා ඇතැ” යි කී සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න



ලූක් 4:8
14 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤාකරමින්: කෙරුබ්වරුන් අතරේ වැඩවසන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබම, ඔබ පමණක්ම දෙවියන්වහන්සේය; ඔබ අහසත් පොළොවත් මැවූසේක.


ඔව්හු සදාකල් ලජ්ජාවී තැතිගනිත්වා; එසේය, වියවුල්වී විනාශවෙත්වා.


මනුෂ්‍යයාගේ උඩඟු ඇස් පහත්කරනු ලබන්නේය, මනුෂ්‍යයන්ගේ උඩඟුකමද යටත්කරනු ලබන්නේය, ඒ දවසේ ස්වාමීන්වහන්සේ පමණක් උසස්කරනු ලබන්නේය.


නුමුත් උන්වහන්සේ හැරී පේතෘස්ට කථාකොට: සාතන් මා පස්සට යව, නුඹ මට බාධාවක්ය. මක්නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණා මිස දෙවියන්වහන්සේගේ කාරණා කල්පනාකරන්නේ නැතැයි කීසේක.


එවිට යේසුස්වහන්සේ: සාතන් අහක්ව යව. මක්නිසාද–නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි ඔහුට කීසේක.


යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මනුෂ්‍යයා රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක.


එබැවින් ඔබ මා ඉදිරියෙහි නමස්කාරකරන්නෙහි නම් ඒ සියල්ලම ඔබට වන්නේයයි උන්වහන්සේට කීවේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව, උන්වහන්සේටම සේවය කොට, උන්වහන්සේටම ඇලුම්ව සිට, උන්වහන්සේගේ නාමයෙන් දිවුරන්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ විසින් භයවෙන්ටත් උන්වහන්සේටම සේවයකරන්ටත් උන්වහන්සේගේ නාමයෙන් දිවුරන්ටත් ඕනෑය.


එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.


ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටින්න.


මේවා දෙවියන්වහන්සේගේ සැබෑ වචනයයිද ඔහු මට කීවේය. මම ඔහුට නමස්කාරකරන පිණිස ඔහුගේ පාමුල වැටුණෙමි. ඔහුද: එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන නුඹේ සහෝදරයන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරන්න. මක්නිසාද, යේසුස්වහන්සේගේ සාක්ෂිය අනාගතවාක්‍යයේ ආත්මයයයි මට කීවේය.


ඔහු මට කථාකොට: එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද නුඹේ සහෝදරවූ ප්‍රොපේතවරුන්ගේද මේ පොතේ වචන රක්ෂාකරන්නන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරන්නැයි කීවේය.


සාමුවෙල් මුළු ඉශ්‍රායෙල් වංශයට කථාකොට: නුඹලාගේ මුළු සිතින් නුඹලා ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්නහු නම්, නුඹලා අතරෙන් අන්‍ය දෙවිවරුන්ද අෂ්ටාරොත්ද පහකර දමා නුඹලාගේ සිත් ස්වාමීන්වහන්සේ දෙසටම යොමුකොට උන්වහන්සේට පමණක් සේවයකරන්න. උන්වහන්සේද පිලිස්තිවරුන්ගේ අතින් නුඹලා ගළවාගන්නවා ඇතැයි කීවේය.