ලූක් 3:13 - Sinhala Revised Old Version නුඹලාට නියමකර තිබෙන පමණට වඩා අයකර නොගන්නැයි ඔහු ඔවුන්ට කීයේය. Sinhala New Revised Version “නියමිත පමණට වැඩියෙන් අය බදු නොගන්නැ”යි ඔහු ඔවුන්ට කී ය. සිංහල කාලීන පරිවර්තනය “අනුමත පමණට වඩා බදු අය නො කරනු” යි ඔවුන්ට ඔහු පිළිතුරු දුන්නේ ය. Sinhala New Revised Version 2018 “නියමිත පමණට වැඩියෙන් අය බදු නොගන්නැ”යි ඔහු ඔවුන්ට කී ය. |
එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?
එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය.
සාකෙවුස් නැගිට සිට: ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි; යමෙකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම්, ඔහුට සතරගුණයක් නැවත දෙමියි ස්වාමීන්වහන්සේට කීවේය.
සුංගම් අයකරන්නෝද බව්තීස්මය ලබන්ට ඇවිත්: ආචාරිනි, අප විසින් කුමක් කරන්ට ඕනෑදෑයි ඔහුගෙන් ඇසුවෝය.
හේවායෝද: ඉතින් අප විසින් කරන්ට ඕනෑ මොකක්දැයි ඇසුවෝය. කාටවත් බලාත්කාර නොකරන්න, අයුත්තෙන් යමක් අයකර නොගන්න; නුඹලාගේ කුලී පමණින් සතුටුවෙන්නැයි ඔහු ඔවුන්ට කීවේය.
සොරුවත් ලෝභයෝවත් බේබද්දෝවත් නින්දා කරන්නෝවත් කොල්ලකන්නෝවත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකර නොගන්නෝය.
සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන්වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා.
එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.