මනුෂ්‍යයාගේ සිත සතුටුකරන මුද්‍රිකපානයත්, ඔහුගේ මුහුණ පැහැපත්කරන්ට තෙලුත්, සිත ශක්තිමත්කරන ආහාරත් හටගන්වනසේක.
ලූක් 22:18 - Sinhala Revised Old Version මක්නිසාද නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු, මෙතැන් පටන් මම මිදිවැලේ ඵලයෙන් නොබොන්නෙමියි කීසේක. Sinhala New Revised Version මන්ද, මම ඔබට කියමි, මෙතැන් පටන්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු, මම මිදියුස පානය නො කරන්නෙමි”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය දෙවියන්වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තෙක්, මෙතැන් පටන් මා මිදි වැලේ පලයෙන් පානය නො කරන බැව් ඔබට කියමි” යි පැවසූ සේක. Sinhala New Revised Version 2018 මන්ද, මම ඔබට කියමි, මෙතැන් පටන්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු, මම මිදියුස පානය නො කරන්නෙමි”යි වදාළ සේක. |
මනුෂ්‍යයාගේ සිත සතුටුකරන මුද්‍රිකපානයත්, ඔහුගේ මුහුණ පැහැපත්කරන්ට තෙලුත්, සිත ශක්තිමත්කරන ආහාරත් හටගන්වනසේක.
මාගේ සහෝදරිය මාගේ මනමාලිය, මම මාගේ උයනට ඇවිත්, මම මාගේ ගන්ධරස මාගේ සුවඳ බඩු සමඟ රැස්කරගතිමි, මාගේ මීවදේ සමඟ මාගේ මීපැණි කෑවෙමි, මාගේ කිරි සමඟ මාගේ මුද්‍රිකපානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න, එසේය, බොහෝසෙයින් බොන්න.
සේනාවල ස්වාමීන්වහන්සේද මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් සාදනසේක.
එම්බා පිපාසා ඇති සියල්ලෙනි, වතුර ළඟට එන්න, මුදල් නැත්තෙනි, නුඹලාත් ඇවිත් ධාන්‍ය අරන් කන්න; එසේය, ඇවිත් මිලමුදල් නැතුව මුද්‍රිකපානයද කිරිද ගන්න.
ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවනසේක, ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය;
සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන් ආරක්ෂාකරනසේක; ඔව්හුද කාදමා ගල්පටියේ ගල් පාගාදමන්නෝය; ඔව්හු බී මුද්‍රිකපානය බීවාක්මෙන් ඝෝෂාකරන්නෝය. පාත්‍රාද පූජාසනයේ කොන්ද මෙන් ඔව්හු පුරවනු ලබන්නෝය.
එසේය, උන්වහන්සේගේ යහපත්කම කොපමණ මහත්ද! උන්වහන්සේගේ අලංකාරකම කොපමණ මහත්ද! ධාන්‍යයෙන් තරුණයෝද අලුත් මිදිරසින් තරුණියෝද සමෘද්ධවන්නෝය.
මම ඔබට කියමි: නුඹ පේතෘස්ය, තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි; පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය.
එහෙත් මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහිදී මා නුඹලා සමඟ අලුත් මුද්‍රිකපානය බොන දවස දක්වා මෙතැන් පටන් මේ මිදිඵල යුස නොබොන්නෙමියි නුඹලාට කියමියි කීසේක.
සැබවක් නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යයේදී මුද්‍රිකඵල අලුතෙන් බොන දවස දක්වා එය තවත් නොබොන්නෙමියි කීසේක.
තවද උන්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි–මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය බලයෙන් යුක්තව පැමිණ තිබෙන බව දකින තෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝයයි කීසේක.
මක්නිසාද නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහිදී ඒක සම්පූර්ණවන තුරු මම ඒක නොකන්නෙමියි කීසේක.
එහෙත් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින තුරු කිසිසේත් මරණ රසය නොවිඳින්නෝයයි සැබවින් නුඹලාට කියමියි කීසේක.
පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.
මිදිවැලද: දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා ප්‍රීතිකරවන මාගේ රසය අත්හැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි ඒවාට කීවේය.