උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා අතරෙන් එක බැටළුවෙක් ඇති කොයි මනුෂ්‍යයෙක් නුමුත්, ඒකා සබත් දවසේදී වළක වැටුණොත්, ඌ අල්ලා ගොඩගන්නේ නැද්ද?
ලූක් 17:7 - Sinhala Revised Old Version නුමුත් නුඹලා අතරෙහි යමෙක් හාන්නාවූ නොහොත් බැටළුවන් පාලනයකරන්නාවූ තමාගේ දාසයා කෙතේ සිට ආ කල: වහාම ඇවිත් කන්ට ඉඳගන්නැයි ඔහුට කියන්නේද? Sinhala New Revised Version එහෙත්, ඔබ අතරෙන් යමෙකුට සීසාන හෝ බැටළුවන් බලන හෝ දාසයෙක් සිටී නම් කෙතේ සිට ආ කල, ‘වහාම ඇවිත් කෑමට ඉඳ ගන්නැ’යි කියන්නෙහි ද? සිංහල කාලීන පරිවර්තනය “ඔබගෙන් යමකුට සී සානා හෝ බැටළුවන් බලාගන්නා දාසයකු වේ නම්, ඔහු ගොවිපළේ වැඩ කර ආ විටෙක, ‘වහා ඇවිත් මේසයට හිඳ ගන්නැ’ යි කියනවා ද? Sinhala New Revised Version 2018 එහෙත්, ඔබ අතරෙන් යමෙකුට සීසාන හෝ බැටළුවන් බලන හෝ දාසයෙක් සිටී නම් කෙතේ සිට ආ කල, ‘වහාම ඇවිත් කෑමට ඉඳ ගන්නැ’යි කියන්නෙහි ද? |
උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා අතරෙන් එක බැටළුවෙක් ඇති කොයි මනුෂ්‍යයෙක් නුමුත්, ඒකා සබත් දවසේදී වළක වැටුණොත්, ඌ අල්ලා ගොඩගන්නේ නැද්ද?
නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: වංචාකාරයෙනි, නුඹලාගෙන් එකිනෙකා සබත් දවසේදී තම තමාගේ ගොනා හෝ කොටළුවා හෝ ගාලෙන් ලිහා වතුර පොවන්ට ගෙන නොයන්නේද?
උන්වහන්සේ ඔවුන්ට කථාකරමින්: නුඹලාගෙන් කවරෙකුගේවත් කොටළුවෙකු හෝ ගොනෙකු හෝ සබත් දවසේදී ළිඳක වැටුණොත් එකෙණෙහිම ඌ ගොඩට ඇදගන්නේ නැද්දැයි ඇසූසේක.
ස්වාමීන්වහන්සේ කියනසේක්: අබ ඇටයක ප්‍රමාණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ ඇඹිල්ල ගහට කථාකොට: ඉදිරී මුහුදේ සිටවෙවයි කියන්නහු නම් ඒක නුඹලාට කීකරුවෙනවා ඇත.
එසේ නොව: මට කෑම බීම පිළියෙළකොට, ඉඟටිය බැඳ, මා විසින් කනබොන තුරු මට උපස්ථානකරන්න, ඉන්පසු කන්න බොන්නැයි කියන්නේ නැද්ද?