Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 17:7 - සිංහල කාලීන පරිවර්තනය

7 “ඔබගෙන් යමකුට සී සානා හෝ බැටළුවන් බලාගන්නා දාසයකු වේ නම්, ඔහු ගොවිපළේ වැඩ කර ආ විටෙක, ‘වහා ඇවිත් මේසයට හිඳ ගන්නැ’ යි කියනවා ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එහෙත්, ඔබ අතරෙන් යමෙකුට සීසාන හෝ බැටළුවන් බලන හෝ දාසයෙක් සිටී නම් කෙතේ සිට ආ කල, ‘වහාම ඇවිත් කෑමට ඉඳ ගන්නැ’යි කියන්නෙහි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එහෙත්, ඔබ අතරෙන් යමෙකුට සීසාන හෝ බැටළුවන් බලන හෝ දාසයෙක් සිටී නම් කෙතේ සිට ආ කල, ‘වහාම ඇවිත් කෑමට ඉඳ ගන්නැ’යි කියන්නෙහි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 නුමුත් නුඹලා අතරෙහි යමෙක් හාන්නාවූ නොහොත් බැටළුවන් පාලනයකරන්නාවූ තමාගේ දාසයා කෙතේ සිට ආ කල: වහාම ඇවිත් කන්ට ඉඳගන්නැයි ඔහුට කියන්නේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 17:7
6 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ අතරේ කෙනකුට බැටළුවකු සිටින්නේ නම්, සබතකදී ඌ වළක වැටුණොත්, ඔබ ඌ අල්ලා ගොඩ ගන්නේ නැති ද?


එවිට ස්වාමින්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “එම්බා වංචනිකයිනි, ඔබ හැම කෙනකුම සබත් දවසේ තම ගවයා හෝ තම බූරුවා ගාලෙන් මුදා, වතුර දෙන්නට ගෙන යන්නේ නැද්ද?


පසුව යළි ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබේ පුතකු හෝ ගවයකු හෝ සබතකදී ළිඳක වැටුණොත්, වහාම ගොඩට නො ගන්නේ ඔබගෙන් කවුරු දැ?” යි ඇසූ සේක.


“නෝවාගේ දවස්වලදී සිදු වූ සේ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දවස්වලදීත් සිදු වෙයි.


ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “අබ ඇටයක් තරම ඇබින්දක ඇදහිල්ලක් ඔබට ඇත්නම්, මේ ඇඹිල්ල ගහට කතා කොට, ‘මුලින් ඉදිරී ගොස්, මුහුදේ පැළවෙනු’ යි කියන්නට ඔබට පුළුවන. එවිට එය ඔබට අවනත වෙයි.


එසේ නො ව, ඔබ ඔහු අමතා, ‘මට ආහාර පිළියෙල කර, නිසි ඇඳුමක් හැඳ, මා කා බී නිම වන තුරු මට උපස්ථාන කරන්න. ඉන්පසු ඔබටත් කන්න පුළුවනැ’ යි කියන්නේ නැති ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්