ලූක් 12:6 - Sinhala Revised Old Version ගේ කුරුල්ලන් පස්දෙනෙක් ශත දෙකකට නොවිකුණද්ද? උන්ගෙන් එකෙක්වත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි මතකනැති නොවන්නේය. Sinhala New Revised Version “තුට්ටු දෙකකට ගේකුරුල්ලන් පස් දෙනෙකු විකුණනවා නොවේ ද? දෙවියන් වහන්සේ උන්ගෙන් එකකු වත් අමතක නොකරන සේක. සිංහල කාලීන පරිවර්තනය තුට්ටු දෙකකට ගේ කුරුල්ලන් පස් දෙනකු විකුණනවා නො වේ ද? එහෙත් උන්ගෙන් එකකුවත් දෙවියන්වහන්සේට අමතක නො වේ. Sinhala New Revised Version 2018 “තුට්ටු දෙකකට ගේකුරුල්ලන් පස් දෙනෙකු විකුණනවා නොවේ ද? දෙවියන් වහන්සේ උන්ගෙන් එකකු වත් අමතක නොකරන සේක. |
ගේකුරුල්ලන් දෙදෙනෙකු ශතයකට නොවිකුණද්ද? එහෙත් උන්ගෙන් එකෙක්වත් නුඹලාගේ පියාණන්වහන්සේ නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත.
කපුටුවන් ගැන කල්පනාකර බලන්න: උන් වපුරන්නේවත් කපන්නේවත් නැත; උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැත; නුමුත් දෙවියන්වහන්සේ උන් පෝෂණයකරනසේක. නුඹලා පක්ෂීන්ට වඩා කොපමණ වටින්නහුද!
මානෙල් වැඩෙන හැටි කල්පනාකරන්න. ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත; එහෙත් තමාගේ මුළු ඉසුරුමත්කමේදී සාලමොන්වත් මේවායින් එකක් ලෙස පැළඳී සිටියේ නැතැයි නුඹලාට කියමි.