ඔහුගේ ස්වාමියා කෝපව, තමාට ණයව තිබුණු සියල්ල ඔහු විසින් ගෙවන තුරු ඔහු වධකයන්ට භාරදුන්නේය.
ලූක් 12:59 - Sinhala Revised Old Version අන්තිම සල්ලිය ගෙවන තුරු නුඹ එතනින් පිටවී නොඑන්නෙහියයි නුඹට කියමියි කීසේක. Sinhala New Revised Version අන්තිම සතයට ගෙවන තුරු ඔබ එතැනින් පිටතට නොඑන්නෙහි යයි ඔබට කියමි.” සිංහල කාලීන පරිවර්තනය මා ඔබට කියන්නේ, අන්තිම සතය දක්වා ඔබේ දඩය ගෙවා දමන තුරු ඔබ ඉන් පිටතට නො එනු ඇත කියා යැ” යි පැවසූ සේක. Sinhala New Revised Version 2018 අන්තිම සතයට ගෙවන තුරු ඔබ එතැනින් පිටතට නොඑන්නෙහි යයි ඔබට කියමි.” |
ඔහුගේ ස්වාමියා කෝපව, තමාට ණයව තිබුණු සියල්ල ඔහු විසින් ගෙවන තුරු ඔහු වධකයන්ට භාරදුන්නේය.
එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක්: ශාපලත්තෙනි, මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම්කර තිබෙන සදාකාල ගින්නට යන්න.
මේ සියල්ල ඇර, මෙහෙන් නුඹලා ළඟට යන්ටත් ඔහෙන් අප ළඟට එන්ටත් කැමතිවූවන්ට බැරි වන ලෙස අපටත් නුඹලාටත් අතරෙහි මහත් කුහරයක් පිහිටා තිබේයයි කීවේය.
සහෝදරයෙනි, නුඹලා ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව. නුඹලාගේ ඇදහිල්ල අතිශයින් වැඩිවන නිසාත්, එකිනෙකා කෙරෙහි තිබෙන නුඹලා සියල්ලන්ගේ ප්‍රේමය අධිකව තිබෙන නිසාත් එසේ ස්තුතිකරන්ට යුතුය;