ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවනසේක, ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය;
ලූක් 10:9 - Sinhala Revised Old Version එහි ඉන්න රෝගීන් සුවකරන්න. දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා ළඟට පැමුණුණේයයි ඔවුන්ට කියන්න. Sinhala New Revised Version එහි සිටින රෝගීන් සුව කරන්න. ‘දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ වෙත පැමිණියේ ය’යි ඔවුන්ට ප්‍රකාශ කරන්න. සිංහල කාලීන පරිවර්තනය එහි සිටින රෝගීන් සුව කර, ‘දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබට ළංව ඇතැ’ යි ඔවුන්ට කියන්න. Sinhala New Revised Version 2018 එහි සිටින රෝගීන් සුව කරන්න. ‘දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ වෙත පැමිණියේ ය’යි ඔවුන්ට ප්‍රකාශ කරන්න. |
ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවනසේක, ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය;
එතැන් පටන් යේසුස්වහන්සේ: පසුතැවිලිවෙන්න; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ලංවී තිබේය කියා දේශනාකරන්ට පටන්ගත්සේක.
තවද උන්වහන්සේ කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුමකට සමානකරමුද? නොහොත් කවර උපමාවකින් එය දක්වාදෙමුද?
අපේ පාදවල ඇලෙන නුඹලාගේ නුවර ධූලී පවා නුඹලාට විරුද්ධව අපි ගසාදමමුව. එසේවී නුමුත් දෙවියන්වහන්සේ රාජ්‍යය ළංවී තිබෙන බව දැනගන්නැයි කියන්න.
යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි–යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්ට නොහැකියයි ඔහුට කීසේක.
යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි–යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය.
එහෙයින් දෙවියන්වහන්සේගේ මේ ගැළවීම අන්‍යජාතීන්ට යවනලද බව නුඹලාට දැනේවා. ඔවුන්ද ඒක අසනවා ඇතැයි කීවේය.
කිසිම භයක්වත් තහනමක්වත් නැතුව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දේශනාකරමින්, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන කාරණා ඉගැන්නුවේය.