ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 9:18 - Sinhala Revised Old Version

එබැවින් යුදෙව්වරු පෙනීම ලැබු ඒ අයගේ මවුපියන් කැඳවන තුරු ඔහු අන්ධව සිට පෙනීම ලැබූ බව විශ්වාස නොකොට:

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු අන්ධ ව සිටි බවත්, පසුව පෙනීම ලැබූ බවත්, පෙනීම ලැබූ මිනිසාගේ දෙමවුපියන් කැඳවා විමසන තුරු විශ්වාස කිරීමට ජුදෙව්වරු මැළි වූ හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එහෙත් පෙනීම ලැබ සිටි මිනිසාගේ දෙමවුපියන් ගෙන්වන තුරු, ඔහු අන්ධව සිටි වග හා පෙනීම ලද වග යුදෙව්වන් විශ්වාස කළේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු අන්ධ ව සිටි බවත්, පසුව පෙනීම ලැබූ බවත්, පෙනීම ලැබූ මිනිසාගේ දෙමවුපියන් කැඳවා විමසන තුරු විශ්වාස කිරීමට ජුදෙව්වරු මැළි වූ හ.

පරිච්ඡේදය බලන්න



යොහන් 9:18
11 හුවමාරු යොමු  

ලොත් පිටතට ගොස් තමාගේ දූවරුන් සරණ පාවාගත් බෑනාවරුන්ට කථාකරමින්: නැගිට මේ ස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ නුවර විනාශකරන්ට යනසේකැයි කීවේය. එහෙත් ඔහු සරදම්කරන්නෙකු මෙන් තම බෑනාවරුන්ට පෙනුණේය.


ස්වාමීන්වහන්ස, ඔබගේ හස්තය ඔසවා තිබෙන නුමුත් ඔව්හු නොදකිති. එහෙත් සෙනඟ උදෙසා ඇති ඔබගේ ජ්වලිතය දැක ඔව්හු ලජ්ජාවන්නෝය; එසේය, ගින්න ඔබගේ සතුරන් දවා දමන්නේය.


අප විසින් දැන්වූ දේ විශ්වාස කළේ කවුද? ස්වාමීන්වහන්සේගේ හස්තය කාට එළිදරව්වීද?


ආබ්‍රහම්ද: මෝසෙස්ගෙත් අනාගතවක්තෘවරුන්ගෙත් වචන ඔව්හු නොඅසත් නම්, යමෙක් මළවුන්ගෙන් නැගුටුණත් ඔවුන් විශ්වාසකරන්නේ නැත කියා ඔහුට කීවේයයි කීසේක.


නුඹ කවරෙක්දැයි යොහන්ගෙන් අසන පිණිස යුදෙව්වරුන් විසින් යෙරුසලමේ සිට පූජකයන්ද ලෙවීයයන්ද යැවූ කල ඔහු දුන් සාක්ෂිය මේය.


එකම දෙවියන්වහන්සේ කෙරෙන් පැමිණෙන ගෞරවය නොසොයා, එකිනෙකාගෙන් ගෞරවය ලබන්නාවූ නුඹලාට විශ්වාසකරන්ට පුළුවන් කොහොමද?


අන්ධව උපන්නේයයි නුඹලා කියන නුඹලාගේ පුත්‍රයා මොහුද? එසේවී නම් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.


ඔහුගේ මවුපියන් මෙසේ කීවේ යුදෙව්වරුන්ට භයව සිටි නිසාය. මක්නිසාද යමෙක් උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඒත්තුගත්තොත් ඔහු සිනගෝගයෙන් අහක්කරනු ලබන්නේයයි යුදෙව්වරුන් නියමකරගෙන තිබුණේය.


එබැවින් ඒ අකීකරුකමේ ආදර්ශය අනුව කිසිවෙකු නොවැටෙන පිණිස ඒ විශ්‍රාමස්ථානයට ඇතුල්වෙන්ට උත්සාහකරමු.