Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 9:18 - සිංහල කාලීන පරිවර්තනය

18 එහෙත් පෙනීම ලැබ සිටි මිනිසාගේ දෙමවුපියන් ගෙන්වන තුරු, ඔහු අන්ධව සිටි වග හා පෙනීම ලද වග යුදෙව්වන් විශ්වාස කළේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔහු අන්ධ ව සිටි බවත්, පසුව පෙනීම ලැබූ බවත්, පෙනීම ලැබූ මිනිසාගේ දෙමවුපියන් කැඳවා විමසන තුරු විශ්වාස කිරීමට ජුදෙව්වරු මැළි වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔහු අන්ධ ව සිටි බවත්, පසුව පෙනීම ලැබූ බවත්, පෙනීම ලැබූ මිනිසාගේ දෙමවුපියන් කැඳවා විමසන තුරු විශ්වාස කිරීමට ජුදෙව්වරු මැළි වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 එබැවින් යුදෙව්වරු පෙනීම ලැබු ඒ අයගේ මවුපියන් කැඳවන තුරු ඔහු අන්ධව සිට පෙනීම ලැබූ බව විශ්වාස නොකොට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 9:18
11 හුවමාරු යොමු  

එබැවින් එම ආකාරයේ අකීකරුකමින් අප කිසිවකුත් වැටී නො යන පිණිස, ඒ විශ්‍රාමයට ඇතුළු වීමට පරිශ්‍රම දරමු.


ඔහුගේ දෙමවුපියන් එසේ කීවේ, යුදෙව්වන්ට වූ බය නිසා ය. මන්ද යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ යයි පවසන කවරකු වුවත්, සිනගෝගයෙන් නෙරපා දැමීමට ඒ වන විටත් යුදෙව්වන් එකඟව සිටි බැවිනි.


එනිසා එකම දෙවියන්වහන්සේ වෙතින් එන ගෞරවය නො සොයා, තම තමන් අතරේ එකිනෙකා වර්ණනා කරගන්නා ඔබ, විශ්වාස කරන්නේ කොහොම ද?


“ඔබ කවරෙක් දැ?” යි අසන පිණිස, යුදෙව්වන් ඔහු වෙත යෙරුසලමේ සිට ලෙවීවරුන් හා පූජකයින් යැවූ කල, යොහන්ගේ සාක්ෂිය වූයේ මෙයයි:


“ඔහු පිළිතුරු දෙමින්, ‘ඔවුන්, දිවැසිවරුන්ටත් සවන් දෙන්නේ නැතිනම්, යමෙක් මරණින් නැගිට ආවත්, ඔවුන්ට ඒත්තුගැන්විය නො හැකි ය’ කියා කීවා.”


ඔවුන් ඇමතූ ඔවුහු, “අන්ධව උපන්නැයි නුඹලා කියන නුඹලාගේ පුත්‍රයා මොහු ද? එහෙම නම්, දැන් ඔහුට පෙනෙන්නේ කොහොම දැ?” යි ඇසූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්