යොහන් 7:40 - Sinhala Revised Old Version එබැවින් සමූහයාගෙන් සමහරෙක් මේ වචන අසා: සැබෑවටම මුන්වහන්සේ අනාගතවක්තෘමයයි කීවෝය. Sinhala New Revised Version මේ වචන ඇසූ කල සෙනඟගෙන් සමහරු, “මොහු, සැබැවින් ම ඒ දිවැසිවරයාණෝ ය”යි කී හ. සිංහල කාලීන පරිවර්තනය ඒ ඇසූ ජනයාගෙන් ඇතැම් දෙනෙක්, “නිසැකයෙන්ම මේ දිවැසිවරයා යැ” යි කීහ. Sinhala New Revised Version 2018 මේ වචන ඇසූ කල සෙනඟගෙන් සමහරු, “මොහු, සැබැවින් ම ඒ දිවැසිවරයාණෝ ය”යි කී හ. |
ඔව්හුද: එසේ නම් මොකද? නුඹ එලියාදැයි ඔහුගෙන් ඇසුවෝය. එසේ නොවේයයි ඔහු කීය. නුඹ අනාගතවක්තෘදැයි ඇසූ කල, නැතැයි ඔහු උත්තරදුන්නේය.
එබැවින් ඒ මනුෂ්‍යයෝ උන්වහන්සේ විසින් කළාවූ මේ හාස්කම දැක: සැබෑවටම මුන්වහන්සේ ලෝකයට එන්නාවූ අනාගතවක්තෘමයයි කීවෝය.
සමූහයන් අතරේ උන්වහන්සේ ගැන මහත් කෙඳිරීමක් විය. සමහරෙක්: ඔහු සත්පුරුෂයෙකැයි කීවෝය; සමහරෙක්: එසේ නොවේ, ඔහු සමූහයා මුළා කරන්නේයයි කීවෝය.