මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.
යොහන් 7:13 - Sinhala Revised Old Version එසේ වුවත් යුදෙව්වරුන්ට භය නිසා කිසිවෙක් උන්වහන්සේ ගැන ප්‍රසිද්ධයෙන් කථාකෙළේ නැත. Sinhala New Revised Version එහෙත්, ජුදෙව්වරුන්ට බියෙන් කිසිවෙක් උන් වහන්සේ ගැන එළිපිට කතා නොකළහ. සිංහල කාලීන පරිවර්තනය එහෙත් යුදෙව්වන්ට ඇති බය නිසා කිසිවකුත් උන්වහන්සේ ගැන එළිපිට කතා කළේ නැත. Sinhala New Revised Version 2018 එහෙත්, ජුදෙව්වරුන්ට බියෙන් කිසිවෙක් උන් වහන්සේ ගැන එළිපිට කතා නොකළහ. |
මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.
ඉන්පසු යුදෙව්වරුන්ට භය නිසා රහසින් යේසුස්වහන්සේගේ ගෝලයෙක්ව සිටියාවූ අරිමාතියේ යෝසෙප් යේසුස්වහන්සේගේ මිනිය ගෙනයන පිණිස පිලාත්ගෙන් ඉල්ලුවේය, පිලාත් අවසර දුන්නේය. එහෙයින් ඔහු ඇවිත් යේසුස්වහන්සේගේ මිනිය ගෙනගියේය.
සතියේ පළමුවෙනිවූ ඒ දවසේ සවස්වූ කල, යුදෙව්වරුන්ට භයින් දොරවල් වසා තිබෙද්දී, ගෝලයන් එක්ව සිටිතැන්හි යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවා කියා ඔවුන්ට කීසේක.
හෙතෙම රාත්‍රියේ උන්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේ කෙරෙන් ආවාවූ ගුරුවරයෙකැයි අපි දනිමුව. මක්නිසාද තමා සමඟ දෙවියන්වහන්සේ නැත්නම් ඔබ කරන්නාවූ මේ හාස්කම් කරන්ට කිසිවෙකුට නුපුළුවනැයි කීවේය.
ඉන්පසු යේසුස්වහන්සේ ගලීලයෙහි සංචාරණයකළසේක. මක්නිසාද යුදෙව්වරු උන්වහන්සේ මරන්ට සෙවූ බැවින් උන්වහන්සේ යුදයෙහි සංචාරණයකරන්ට නොකැමැතිවූසේක.
ඔහුගේ මවුපියන් මෙසේ කීවේ යුදෙව්වරුන්ට භයව සිටි නිසාය. මක්නිසාද යමෙක් උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඒත්තුගත්තොත් ඔහු සිනගෝගයෙන් අහක්කරනු ලබන්නේයයි යුදෙව්වරුන් නියමකරගෙන තිබුණේය.
ඔව්හු උත්තරදෙමින්: සියලු ආකාරයෙන් පාපවල උපන් නුඹ අපට උගන්වනවාදැයි කියා ඔහු අහක්කළෝය.
එනම්, නුඹ වාසයකරන ස්ථානය දනිමි, එනම් සාතන්ගේ සිංහාසනය තිබෙන තැනය. නුඹ මාගේ නාමය තදින් අල්ලාගන සිටින බවද සාතන් වාසයකරන ස්ථානයෙහිදී නුඹලා අතරෙහි මරනු ලැබූ මාගේ විශ්වාස සාක්ෂිකාරවූ අන්තිපස්ගේ දවස්වලදීවත් මා කෙරෙහි ඇදහීම අත් නොහැරිය බවද දනිමි.