Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 7:13 - Sinhala New Revised Version 2018

13 එහෙත්, ජුදෙව්වරුන්ට බියෙන් කිසිවෙක් උන් වහන්සේ ගැන එළිපිට කතා නොකළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එහෙත්, ජුදෙව්වරුන්ට බියෙන් කිසිවෙක් උන් වහන්සේ ගැන එළිපිට කතා නොකළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 එහෙත් යුදෙව්වන්ට ඇති බය නිසා කිසිවකුත් උන්වහන්සේ ගැන එළිපිට කතා කළේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 එසේ වුවත් යුදෙව්වරුන්ට භය නිසා කිසිවෙක් උන්වහන්සේ ගැන ප්‍රසිද්ධයෙන් කථාකෙළේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 7:13
13 හුවමාරු යොමු  

ඔහුගේ දෙමවුපියන් මෙසේ කීවේ ජුදෙව්වරුන්ට බියෙනි. මන්ද, ‘යමෙක් උන් වහන්සේ ක්‍රිස්තුවරයාණෝ යයි ඒත්තුගන්නේ නම් ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමිය යුතු ය’යි ජුදෙව්වරුන් නියම කරගෙන සිටි හෙයිනි.


ඉන්පසු, ජුදෙව්වරුන්ට බිය නිසා, රහසින් ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ අරිමාතියේ ජෝසෙප්, ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන යාමට පිලාත්ගෙන් අවසර ඉල්ලී ය. පිලාත් අවසර දුන්නේ ය. එබැවින් ඔහු අවුත් ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන ගියේ ය.


සතියේ පළමු වන දා වූ එදා සවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට, “ඔබට ශාන්තිය වේ වා!’යි වදාළ සේක.


මිනිසුන්ට බිය වීම ඔහුට මලපතක් වෙයි; සමිඳුන් කෙරේ විශ්වාසය තැබීම ඔහුට රැකවරණය වෙයි.


ඔබ වාසය කරන තැන මම දනිමි. එය සාතන්ගේ සිංහාසනය පිහිටි ස්ථානය යි. එහෙත් ඔබ මට පක්ෂපාත ව සිටින්නහු ය. මාගේ විශ්වාසවන්ත සාක්ෂිකාරයෙකු වූ අන්තිපාස්, සාතන්ගේ වාසභූමිය වන ඔබේ නගරයේ දී මරනු ලැබූ කාලයේ දී පවා, ඔබ මා කෙරෙහි විශ්වාසය ප්‍රතික්ෂේප නොකළහු ය.


ඔව්හු පිළිතුරු දෙමින්, “උපන් දා සිට ම පාපයේ සිටින ඔබ අපට උගන්වන්නට එන්නෙහි දැ”යි කියා ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමූ හ.


ඔහු එක් රැයක උන් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, ඔබ දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ ගුරුවරයෙකැ යි අපි දනිමු; මන්ද, දෙවියන් වහන්සේ තමා සමඟ වැඩ නොසිටින සේක් නම්, කිසිවෙකුට ඔබ කරන මේ හාස්කම් කළ නොහැකි ය”යි කී ය.


ඉන්පසු ජේසුස් වහන්සේ ගලීලයේ සැරිසරමින් සිටි සේක. ජුදෙව්වරුන් තමන් මරන්නට සෙවූ බැවින්, උන් වහන්සේ ජුදයෙහි සැරිසරන්ට නොකැමැති වූ සේක.


එකල ජුදෙව්වරු මංගල්‍යයේ දී උන් වහන්සේ සොය සොයා “ඔහු කොහේ දැ”යි විමසූ හ.


ඒ ගැන ජුදෙව්වරු මවිත ව “කිසිකලෙක ඉගෙන නොගත් මේ මිනිසාට මේ සා උගත්කමක් කොයින් දැ”යි කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්