ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 5:12 - Sinhala Revised Old Version

නුඹේ යහන රැගෙන යන්නැයි නුඹට කී මනුෂ්‍යයා කවුදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ ‘පැදුර රැගෙන යන්නැ’යි ඔබට කී මිනිසා කවරෙක් දැ”යි ඔව්හු විමසූ හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“යහන උසුලන් යන්නැයි ඔබට කීවේ කොයි මිනිහා දැ?” යි ඔවුහු ප්‍රශ්න කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ ‘පැදුර රැගෙන යන්නැ’යි ඔබට කී මිනිසා කවරෙක් දැ”යි ඔව්හු විමසූ හ.

පරිච්ඡේදය බලන්න



යොහන් 5:12
6 හුවමාරු යොමු  

උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව උගන්වමින් සිටියදී නායක පූජකයෝද සෙනඟගේ වැඩිමහල්ලෝද උන්වහන්සේ ළඟට ඇවිත්: නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? මේ බලය නුඹට දුන්නේ කවුදැයි ඇසුවෝය.


නුමුත් ඔහු ඔවුන්ට උත්තරදෙමින්: මා සුවකළ තැනැත්තේම–නුඹේ යහන රැගෙන යන්නැයි මට කීසේකැයි කීවේය.


ඒ ස්ථානයේ සමූහයක් සිටි බැවින් යේසුස්වහන්සේ අහක්ව ගොස් සිටිසේක; එබැවින් සුවකරනු ලැබූ මනුෂ්‍යයා උන්වහන්සේ කවුද කියා දැන නොගත්තේය.


මක්නිසාද ඔවුන්ට දෙවියන්වහන්සේ උදෙසා ජ්වලිතකමක් ඇති බවට ඔවුන් ගැන මම සාක්ෂිදෙමි. නුමුත් එය දැනගැන්ම ඇතුව නොවේ.


මේක කෙළේ කවුදැයි ඔවුන් එකිනෙකාගෙන් අසා සෙවූ කල, යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් මේක කෙළේයයි ඔවුන්ට කියන ලද්දේය.


එවිට සාවුල් කථාකොට: සෙනඟගේ සියලු ප්‍රධානියෙනි, මෙහි ඇවිත්, අද මේ පාපය සිද්ධවුණේ කුමක් කරණකොටගෙනද කියා බලා දැනගන්න.