ඒ දවස සබත් දවසය. එහෙයින් යුදෙව්වරු: අද සබත් දවසය, යහන රැගෙන යන්ට යුතු නැතැයි සුවකරනු ලැබූ මනුෂ්‍යයාට කීවෝය.
යොහන් 5:11 - Sinhala Revised Old Version නුමුත් ඔහු ඔවුන්ට උත්තරදෙමින්: මා සුවකළ තැනැත්තේම–නුඹේ යහන රැගෙන යන්නැයි මට කීසේකැයි කීවේය. Sinhala New Revised Version එහෙත්, ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “මා සුවපත් කළ තැනැත්තා ම ‘ඔබේ පැදුර රැගෙන යන්නැ’යි මට කීවේ ය”යි කී ය. සිංහල කාලීන පරිවර්තනය ඔහු පිළිතුරු දෙමින්, “මා සුවපත් කළ මිනිසායි මට කීවේ, ‘ඔබේ යහන උසුලා, ඇවිද යන්න කියා’ යි” කීවේ ය. Sinhala New Revised Version 2018 එහෙත්, ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “මා සුවපත් කළ තැනැත්තා ම ‘ඔබේ පැදුර රැගෙන යන්නැ’යි මට කීවේ ය”යි කී ය. |
ඒ දවස සබත් දවසය. එහෙයින් යුදෙව්වරු: අද සබත් දවසය, යහන රැගෙන යන්ට යුතු නැතැයි සුවකරනු ලැබූ මනුෂ්‍යයාට කීවෝය.
එබැවින් ඵරිසිවරුන්ගෙන් සමහරෙක්: ඒ මනුෂ්‍යයා සබත් දවස නොපවත්වන බැවින් ඔහු දෙවියන්වහන්සේ වෙතින් ආ කෙනෙක් නොවේයයි කීවෝය. නුමුත් අන් සමහරෙක්: පව්කාරවූ මනුෂ්‍යයෙකුට මෙබඳු හාස්කම් කරන්ට පුළුවන් කොහොමදැයි කීවෝය. මෙසේ ඔවුන් අතරේ භේදයක් විය.