Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 9:16 - Sinhala Revised Old Version

16 එබැවින් ඵරිසිවරුන්ගෙන් සමහරෙක්: ඒ මනුෂ්‍යයා සබත් දවස නොපවත්වන බැවින් ඔහු දෙවියන්වහන්සේ වෙතින් ආ කෙනෙක් නොවේයයි කීවෝය. නුමුත් අන් සමහරෙක්: පව්කාරවූ මනුෂ්‍යයෙකුට මෙබඳු හාස්කම් කරන්ට පුළුවන් කොහොමදැයි කීවෝය. මෙසේ ඔවුන් අතරේ භේදයක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එබැවින් පරිසිවරුන්ගෙන් සමහරෙක්, “ඒ මිනිසා සබත් විනය කඩ කරන බැවින් ඔහු දෙවියන් වහන්සේ වෙතින් පැමිණියෙක් නොවේ ය”යි කී හ. එහෙත් අන් සමහරෙක්, “පව්කාර මිනිසෙකුට මෙබඳු හාස්කම් කළ හැක්කේ කෙසේ දැ”යි ඇසූ හ. මෙසේ ඔවුන් අතර භේදයක් ඇති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 පරිසීන්ගෙන් ඇතමෙක් කතා කරමින්, “මේ මිනිසා දෙවියන්වහන්සේගෙන් ආවා නො වේ. මන්ද ඔහු සබත් පවත්වන්නේ නැතැ” යි කීහ. සෙසු අය “පව්කාර මනුෂ්‍යයකු මෙබඳු අනුහස් ලකුණු කරන්නේ කෙසේ දැ?” යි කීහ. මෙසේ ඔවුන් අතර බෙදීමක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එබැවින් පරිසිවරුන්ගෙන් සමහරෙක්, “ඒ මිනිසා සබත් විනය කඩ කරන බැවින් ඔහු දෙවියන් වහන්සේ වෙතින් පැමිණියෙක් නොවේ ය”යි කී හ. එහෙත් අන් සමහරෙක්, “පව්කාර මිනිසෙකුට මෙබඳු හාස්කම් කළ හැක්කේ කෙසේ දැ”යි ඇසූ හ. මෙසේ ඔවුන් අතර භේදයක් ඇති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 9:16
18 හුවමාරු යොමු  

මේ වචන නිසා යුදෙව්වරුන් අතරේ නැවත භේදයක් හටගත්තේය.


මෙසේ උන්වහන්සේ නිසා සමූහයා අතරෙහි භේදයක් හටගත්තේය.


සමූහයන් අතරේ උන්වහන්සේ ගැන මහත් කෙඳිරීමක් විය. සමහරෙක්: ඔහු සත්පුරුෂයෙකැයි කීවෝය; සමහරෙක්: එසේ නොවේ, ඔහු සමූහයා මුළා කරන්නේයයි කීවෝය.


හෙතෙම රාත්‍රියේ උන්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේ කෙරෙන් ආවාවූ ගුරුවරයෙකැයි අපි දනිමුව. මක්නිසාද තමා සමඟ දෙවියන්වහන්සේ නැත්නම් ඔබ කරන්නාවූ මේ හාස්කම් කරන්ට කිසිවෙකුට නුපුළුවනැයි කීවේය.


ඵරිසිවරු ඒ දැක: බැලුව මැනව, සබත් දවසේදී කරන්ට යුතු නැති දෙයක් ඔබගේ ගෝලයෝ කරතියි කීවෝය.


වෙන කිසිවෙකු විසින් නොකළ ක්‍රියා මම ඔවුන් අතරෙහි නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. නුමුත් දැන් ඔව්හු මාද මාගේ පියාණන්වහන්සේද දැක වෛරවූවෝය.


මම පියාණන්වහන්සේ තුළෙහිත් පියාණන්වහන්සේ මා තුළෙහිත් සිටිනසේක යන මාගේ කීම විශ්වාසකරන්න. එසේ නැත්නම් මාගේ ක්‍රියා නිසාම විශ්වාසකරන්න.


එවිට ඔව්හු අන්ධව සිටි මනුෂ්‍යයා දෙවෙනි වර කැඳවා: දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. මේ මනුෂ්‍යයා පව්කාරයෙක් බව අපි දනිමුයයි ඔහුට කීවෝය.


එබැවින් යුදෙව්වරු ඔවුනොවුන් අතරේ වාදකරමින්: කන පිණිස තමාගේ මාංසය අපට දෙන්ට මොහුට පුළුවන් කොහොමදැයි කීවෝය.


නුමුත් මට ඇත්තාවූ සාක්ෂිය යොහන්ගේ සාක්ෂියට වඩා උතුම්ය. මක්නිසාද මා විසින් ඉෂ්ටකරන පිණිස පියාණන්වහන්සේ මට භාරදුන්නාවූ මා කරන්නාවූ වැඩම, පියාණන්වහන්සේ මා එවූ බවට මා ගැන සාක්ෂිදෙයි.


නුමුත් නුවර සමූහයෝ භේදව, සමහරෙක් යුදෙව්වරුන්ගේ පක්ෂයටද අන් සමහරෙක් ප්‍රේරිතයන්ගේ පක්ෂයටද සිටියෝය.


එහි වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙක් සිටියේය. එවිට ඔව්හු උන්වහන්සේට වරද තබන පිණිස: සබත් දවසේදී සුවකරන්ට යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


යේසුස්වහන්සේ සබත් දවසේදී සුවකළ බැවින් සිනගෝගයේ මුලාදෑනියා කෝපව, සමූහයාට උත්තරදෙමින්: වැඩකළ යුතුවූ සදවසක් ඇත. ඒ නිසා සබත් දවසේ නොව ඒ දවස්වල ඇවිත් සුවය ලබාගන්නැයි කීවේය.


යේසුස්වහන්සේ ගලීලයේ කානාහිදී තමන් ලකුණුවලින් මේ පළමුවෙනි එක කර, ස්වකීය මහිමය ප්‍රකාශකළසේක; උන්වහන්සේගේ ගෝලයෝද උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.


ඒ දවස සබත් දවසය. එහෙයින් යුදෙව්වරු: අද සබත් දවසය, යහන රැගෙන යන්ට යුතු නැතැයි සුවකරනු ලැබූ මනුෂ්‍යයාට කීවෝය.


මෝසෙස්ගේ ව්‍යවස්ථාව කඩ නොවන පිණිස මනුෂ්‍යයෙක් සබත් දවසේදී චර්මඡේදනය ලබන්නේ නම්, සබත් දවසේදී මනුෂ්‍යයෙකු සම්පූර්ණයෙන් සුව කළාට නුඹලා මා කෙරේ කෝපවවූද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්