ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 2:10 - Sinhala Revised Old Version

කවුරුත් පළමුකොට හොඳ මුද්‍රිකපානයද මිනිසුන් හොඳටම බීවායින් පසු බාල මුද්‍රිකපානයද දෙති. නුඹ මේ වන තුරු හොඳ මුද්‍රිකපානය තබා ගෙන සිටියෙහියයි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“හැම කෙනෙක් ම පළමුකොට හොඳ මිදියුසයෙන් සංග්‍රහ කරති; කවුරුනුත් සෑහෙන තරමට පානය කළ පසු බාල මිදියුසයෙන් සංග්‍රහ කරති. එහෙත්, ඔබ මේ වන තුරු හොඳ මිදියුස තබාගෙන සිටියෙහි ය”යි ඔහුට කී ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“කවුරුත් කරන්නේ පළමුවෙන් අනගි මිදියුෂවලින් සංග්‍රහකොට, මිනිසුන් පදමට බිවූ පසු බාල මිදි යුෂ දීමයි. එහෙත් ඔබ ඉස්තරම් ඒවා එළියට ගෙන ඇත්තේ දැන්” යැයි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“හැම කෙනෙක් ම පළමුකොට හොඳ මිදියුසයෙන් සංග්‍රහ කරති; කවුරුනුත් සෑහෙන තරමට පානය කළ පසු බාල මිදියුසයෙන් සංග්‍රහ කරති. එහෙත්, ඔබ මේ වන තුරු හොඳ මිදියුස තබාගෙන සිටියෙහි ය”යි ඔහුට කී ය.

පරිච්ඡේදය බලන්න



යොහන් 2:10
15 හුවමාරු යොමු  

ඔහු තමන් ඉදිරියෙන් කෑම කොටස් ඔවුන්ට යැවුවේය. ඔවුන් සියල්ලන්ගේ කොටස්වලට වඩා බෙන්යමින්ගේ කොටස පස් වරක් වැඩිව තිබුණේය. ඔව්හු බී ඔහු සමඟ ප්‍රීතිමත් වූහ.


මනුෂ්‍යයාගේ සිත සතුටුකරන මුද්‍රිකපානයත්, ඔහුගේ මුහුණ පැහැපත්කරන්ට තෙලුත්, සිත ශක්තිමත්කරන ආහාරත් හටගන්වනසේක.


මාගේ සහෝදරිය මාගේ මනමාලිය, මම මාගේ උයනට ඇවිත්, මම මාගේ ගන්ධරස මාගේ සුවඳ බඩු සමඟ රැස්කරගතිමි, මාගේ මීවදේ සමඟ මාගේ මීපැණි කෑවෙමි, මාගේ කිරි සමඟ මාගේ මුද්‍රිකපානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න, එසේය, බොහෝසෙයින් බොන්න.


තමාගේ සහකාර දාසයන්ට තළන්ට පටන්ගෙන, බේබද්දන් සමඟ කමින් බොමින් සිටිනවා නම්,


නුමුත් ඒ දාසයා: මාගේ ස්වාමියාගේ ඊම ප්‍රමාදවන්නේය කියා සිතින් සිතාගෙන, දැසිදසුන්ට ගහන්ටත් කන්ටත් බොන්ටත් මත්වෙන්ටත් පටන්ගත්තොත්,


නුමුත් ආබ්‍රහම් කියනුයේ: පුත්‍රය, නුඹේ ජීවිතයේදී නුඹේ යහපත් දේ නුඹට ලැබුණු බවත් එලෙසම ලාසරුස්ට අයහපත් දේ ලැබුණු බවත් සිහිකරන්න. නුමුත් දැන් ඔහු මෙහි සැනසී ඉඳියි, නුඹ වේදනා විඳිනෙහිය.


මක්නිසාද දැනට දවල් තුන්වෙනි පැය පමණක් බැවින් නුඹලා සිතන්නා සේ මොවුන් මත්වෙලා නොවේ.


මක්නිසාද නුඹලා කන විට, එකිනෙකා තම තමාගේම කෑම අනික් කෙනෙකුට ප්‍රථමයෙන් කන්නේය; මෙසේ එක්කෙනෙක් බඩගිනිව ඉන්නේය, තවත් කෙනෙක් මත්වන්නේය.


මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය;


මක්නිසාද නිදාගන්නෝ රාත්‍රියෙහි නිදාගනිති; මත්වෙන්නෝ රාත්‍රියෙහි මත්වෙති.


පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම්කළෝය, පොළොවේ වැසියෝද ඇගේ වේශ්‍යාකම් නමැති මුද්‍රිකපානයෙන් මත්වුණෝයයි කීවෝය.


ඒ ස්ත්‍රී ශුද්ධවන්තයන්ගේද යේසුස්වහන්සේගේ වේදසාක්ෂිකයන්ගේද ලෙයින් මත්වී සිටිනවා දුටිමි. මම ඈ දුටු විට මහත් පුදුමයකින් පුදුමවුණෙමි.