Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 2:10 - සිංහල කාලීන පරිවර්තනය

10 “කවුරුත් කරන්නේ පළමුවෙන් අනගි මිදියුෂවලින් සංග්‍රහකොට, මිනිසුන් පදමට බිවූ පසු බාල මිදි යුෂ දීමයි. එහෙත් ඔබ ඉස්තරම් ඒවා එළියට ගෙන ඇත්තේ දැන්” යැයි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 “හැම කෙනෙක් ම පළමුකොට හොඳ මිදියුසයෙන් සංග්‍රහ කරති; කවුරුනුත් සෑහෙන තරමට පානය කළ පසු බාල මිදියුසයෙන් සංග්‍රහ කරති. එහෙත්, ඔබ මේ වන තුරු හොඳ මිදියුස තබාගෙන සිටියෙහි ය”යි ඔහුට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 “හැම කෙනෙක් ම පළමුකොට හොඳ මිදියුසයෙන් සංග්‍රහ කරති; කවුරුනුත් සෑහෙන තරමට පානය කළ පසු බාල මිදියුසයෙන් සංග්‍රහ කරති. එහෙත්, ඔබ මේ වන තුරු හොඳ මිදියුස තබාගෙන සිටියෙහි ය”යි ඔහුට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 කවුරුත් පළමුකොට හොඳ මුද්‍රිකපානයද මිනිසුන් හොඳටම බීවායින් පසු බාල මුද්‍රිකපානයද දෙති. නුඹ මේ වන තුරු හොඳ මුද්‍රිකපානය තබා ගෙන සිටියෙහියයි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 2:10
15 හුවමාරු යොමු  

“එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘දරුව, ඔබේ ජීවිත කාලයේදී ඔබට යහ දෑ ලැබුණා. ලාසරස්ට ලැබුණේ නරක දෑ වග මතක ද? එහෙත් දැන් ඔහු සැනසිල්ල භුක්ති විඳියි; ඔබ විඳවයි


සෙසු සේවකයන්ට තලන්නටත්, බේබද්දන් සමඟ කන්නට-බොන්නටත් පටන් ගතහොත්,


එහෙත් ඒ සේවකයා, ‘මාගේ ස්වාමියා ඒමට පමා වේවි’ යි තමාටම කියා ගනිමින්, සෙසු සේවක සේවිකාවන්ට පහර දීමටත්, කමින්-බොමින් මත් වීමටත් පටන් ගතහොත්,


ඔබ සිතන පරිදි මේ මිනිසුන් බීමත්ව නො වේ. මන්ද තවමත් උදෑසන නවයයි.


මන්ද අහර ගැනීමේදී හැම කෙනෙක්ම, අන් අයට කලින් තමාගේ ආහාර කෑමට ඉක්මන් වෙයි. කෙනකු සාගින්නේ සිටියදී අන් කෙනෙක් බීමත් වෙයි.


මිදි යුෂ බී, මත් නො වන්න. එයින් දුරාචාරයට මං පෑදේ. ඒ වෙනුවට ආත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වන්න.


නිදන්නන් නින්දට පත් වන්නේ රැයේ ය. මත්පැන් බොන්නන් මත් වන්නේ ද රැයේ ය.


ඇය සමඟ පොළොවේ රජුන් ලිංගික අනාචාරයේ ගැලුණ අතර පොළෝ වාසීන් ඇගේ සරාගික මිදි යුෂයෙන් බීමත්ව ඇතැ” යි පැවසී ය.


ඇය ශුද්ධවතුන්ගේ ලෙයින්, යේසුස්වහන්සේගේ සාක්ෂිය දැරූවන්ගේ ලෙයින් බීමත්ව සිටිනු මම දුටුවෙමි. ඇය දුටු කල, මම අතිශයින් පුදුම වීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්