සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව.
යොහන් 19:7 - Sinhala Revised Old Version යුදෙව්වරු ඔහුට උත්තරදෙමින්: අපට ව්‍යවස්ථාවක් තිබේ, තමාම දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි ඔහු කී බැවින්, ඒ ව්‍යවස්ථාවේ හැටියට ඔහු මරනු ලැබිය යුතුයයි කීවෝය. Sinhala New Revised Version ජුදෙව්වරු පිළිතුරු දෙමින්, “නීතියක් අපට ඇත; ඒ අනුව, මොහු තමා ම දෙවියන් වහන්සේගේ පුත්‍රයා යයි කී බැවින් මරනු ලැබිය යුතු ය”යි කී හ. සිංහල කාලීන පරිවර්තනය යුදෙව්වෝ ඔහුට පිළිතුරු දෙමින්, “අපටත් නීතියක් තියෙනවා. ඒ නීතියේ හැටියට මොහු මරා දැමිය යුතුයි; මොකද, ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයා යයි කියා ගත්තා යැ” යි කීවෝ ය. Sinhala New Revised Version 2018 ජුදෙව්වරු පිළිතුරු දෙමින්, “නීතියක් අපට ඇත; ඒ අනුව, මොහු තමා ම දෙවියන් වහන්සේගේ පුත්‍රයා යයි කී බැවින් මරනු ලැබිය යුතු ය”යි කී හ. |
සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව.
ස්වාමීන්වහන්සේගේ නාමයට අපහාසකරන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය; මුළු සභාව සැබවින් ඔහු ගල්ගසා මැරිය යුතුය. විදේශියා වුවත් ස්වදේශියා වුවත් ස්වාමීන්වහන්සේගේ නාමයට අපහාසකළොත් මරනු ලැබිය යුතුය.
උන්වහන්සේ ඉදිරියෙහි සිටි සියයකට මුලාදෑනියා උන්වහන්සේ මෙසේ ආත්මය හළ බව දුටු කල: සැබෑවටම මේ මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි කීය. ස්ත්‍රීවරුද දුරින් බලාසිටියෝය.
එබැවින් උන්වහන්සේ සබත් කඩකළා පමණක් නොව, දෙවියන්වහන්සේ තමන්ගේම පියාණෝයයි කියමින්, තමන් දෙවියන්වහන්සේ හා සමාන කරගත් නිසා, යුදෙව්වරු උන්වහන්සේ මරන්ට වඩ වඩා සෙවුවෝය.
මොහු ව්‍යවස්ථාවට වෙනස්ලෙස දෙවියන්වහන්සේට නමස්කාරකරන්ට මනුෂ්‍යයන් පොලඹවන්නේයයි කීවෝය.
අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වේවා.
එහෙත් කියන්ට මා විසින් අණ නොකළ වචනයක් මාගේ නමින් හිතුවක්කාරකමින් කථාකරන්නාවූ නොහොත් අන් දෙවිවරුන්ගේ නාමයෙන් කථාකරන්නාවූ අනාගතවක්තෘ කෙනෙක් වේ නම් ඒ තෙමේ මරනු ලබන්නේය.