ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 14:12 - Sinhala Revised Old Version

සැබැවක් සැබැවක් නුඹලාට කියමි–මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ඒකාන්තයෙන් ම මම එසේ, ඔබට කියමි, මා අදහන්නා මා කරන ක්‍රියා ද කරන්නේ ය. තවද මා පියාණන් වහන්සේ වෙතට වඩින බැවින් ඔහු මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේ ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මා තුළ විශ්වාස කරන කවුරුන් වුවත්, මා කරන ක්‍රියා කරනු ඇති බවයි; මීටත් වඩා මහත් ක්‍රියා ඔහු කරනු ඇත. මන්ද පියාණන්වහන්සේ වෙත මා යන නිසයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ඒකාන්තයෙන් ම මම එසේ, ඔබට කියමි, මා අදහන්නා මා කරන ක්‍රියා ද කරන්නේ ය. තවද මා පියාණන් වහන්සේ වෙතට වඩින බැවින් ඔහු මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේ ය.

පරිච්ඡේදය බලන්න



යොහන් 14:12
28 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි–නුඹලා සැක නොකොට, ඇදහිල්ල ඇතුව සිටිනවානම්, අත්තික්කා ගහට කළ දේ නුඹලා කරනවා පමණක් නොව: ඉදිරි මුහුදේ වැටෙවයි මේ කන්දට කීවත් එය සිද්ධ වන්නේය.


කොළ ඇති අත්තික්කා ගහක් උන්වහන්සේ දුරින් දැක, එයින් යමක් ලැබේදෝ කියා ළඟට ගියසේක. ගස ළඟට පැමිණි කල, කොළ මිස වෙන කිසිවක් සම්බ නොවීය; මක්නිසාද ඒ වනාහි අත්තික්කා වාරය නොවීය.


අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය;


මම අහක්ව ගොස් නුඹලා ළඟට නැවත එමියි මා නුඹලාට කී බව නුඹලා ඇසුවහුය. නුඹලා මට ප්‍රේමකළහු නම්, පියාණන්වහන්සේ ළඟට මා යන බැවින් නුඹලා සන්තෝෂවන්නහුය. මක්නිසාද පියාණන්වහන්සේ මට වඩා උතුම්ය.


එසේවී නුමුත් මම නුඹලාට සැබෑව කියමි: මාගේ අහක්ව යෑම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව නොගියොත්, සැනසිලිකාරයාණන්වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත; නුමුත් ගියොත්, උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි.


මක්නිසාද: එක්කෙනෙක් වපුරන්නේය, වෙන කෙනෙක් කපන්නේය යන කීම මෙයින් සැබෑවේ.


කුමක්හෙයින්ද පියාණන්වහන්සේ පුත්‍රයාට ප්‍රේමකරනසේක, තමන්වහන්සේ කරන්නාවූ සියල්ල ඔහුට පෙන්වනසේක. නුඹලා මවිතවන පිණිස මීට වඩා මහත් ක්‍රියාවලුත් ඔහුට පෙන්වනසේක.


එබැවින් යේසුස්වහන්සේ කියනසේක්: තව ටික කලක් මම නුඹලා සමඟ සිටිමි, ඉන්පසු මා එවූ තැනන්වහන්සේ ළඟට යමි.


උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයාණන් ගැනය. මක්නිසාද යේසුස්වහන්සේ ඒතාක්ම මහිමයට නොපැමිණි බැවින් ඒතාක්ම ආත්මයාණන් නොදෙනලද්දේය.


මක්නිසාද ඔවුන් අන්‍ය භාෂාවලින් කථාකරනවාත් දෙවියන්වහන්සේ වර්ණනාකරනවාත් ඔවුන්ට ඇසුණේය. එවිට පේතෘස් උත්තරදෙමින්:


ඈ බොහෝ දවසක්ම මෙසේ කළාය. එවිට පාවුල් අතිශයෙන් අප්‍රසන්නවී, හැරී ආත්මයට කථාකොට: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේගේ නාමයෙන් ඇගෙන් අහක්වී යන්ට නුඹට අණකරමියි කීවේය. ඒ පැයේදීම ආත්මය අහක්වගියේය.


ඔහුගේ ශරීරයෙන් පිස්නාකඩවත් රෙදිකඩවත් ලෙඩුන් ළඟට ගෙනගිය පමණින් රෝග ඔවුන්ගෙන් පහවිය, නපුරු ආත්මයෝද දුරුව ගියෝය.


එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණතින් උසස්කරනු ලැබ, පොරොන්දුවූ ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන්වහන්සේගෙන් ලබා, නුඹලා අසන දකින මේ දේ වැගිරෙවුසේක.


එකල ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්මකරනු ලැබුවෝය. ඒ දවසේදී තුන් දාහක් පමණ මනුෂ්‍යයෝ ඔවුන්ට එකතුකරනලද්දෝය.


මක්නිසාද විශිෂ්ටවූ ආශ්චර්යයක් ඔවුන් කරණකොටගෙන කරනලද බව යෙරුසලමෙහි වසන්නාවූ සියල්ලන්ට ප්‍රකාශව තිබේ; ඒක නැතැයි කියන්ට අපට නුපුළුවන.


ස්වාමිවූ යේසුස්වහන්සේගේ නැවත–නැගිටීම ගැන ප්‍රේරිතයෝ මහත් බලයෙන් සාක්ෂිදුන්නෝය. මහත් අනුග්‍රහය ඔවුන් සියල්ලන් කෙරෙහි තිබුණේය.


නුමුත් වචනය ඇසූවන්ගෙන් බොහෝ දෙනෙක් අදහාගත්තෝය; ඒ මනුෂ්‍යයන්ගේ ගණන පන්දහසක් පමණ විය.


එහෙයින් පේතෘස් එන විට ඔහුගේ සෙවණැල්ල පමණවත් යම් රෝගියෙකු පිට වැටෙන පිණිස ඔව්හු ඔවුන් පිටත වීථිවලට ගෙනැවිත් ඇඳන්වලද යහන්වලද තැබුවෝය.


තවද දෙවියන්වහන්සේගේ වචනය පතළවී ගියේය; ගෝලයන්ගේ ගණන යෙරුසලමේ අතිශයින්ම වැඩිවිය; පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරුවූවෝය.


කුමක්හෙයින්ද අශුද්ධාත්මයන් වැහී සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහත් හඬින් මොරගසමින් අහක්වගියෝය. බොහෝ අංශභාග රෝගීහුද කොරුද සුවකරනු ලැබුවෝය.


පේතෘස් ඔහුට කථාකොට: අයිනෙයස්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹ සුවකරනසේක. නැගිට, නුඹේ ඇඳ සකස්කරන්නැයි කීවේය. එකෙණෙහිම ඔහු නැගිට්ටේය.


නුමුත් පේතෘස් ඔවුන් සියල්ලන් බැහැරකොට, දණින් හිඳ, යාච්ඤාකර, පසුව මිනිය දෙසට හැරී: තබීතා, නැගිටින්නැයි කීවේය. එවිට ඈ ඇස් ඇර, පේතෘස් දැක හිඳගත්තාය.


ක්‍රිස්තුස්වහන්සේ විසින් මා කරණකොටගෙන කරවනලද කාරණා ගැන මිස, අන් කිසිවක් ගැන කථාකරන්ට සිතටවත් නොගතිමි. එසේම යෙරුසලම පටන් ඉල්ලුරිකය දක්වා අවට රටවල ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සම්පූර්ණ වශයෙන් දේශනාකෙළෙමි.