Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 5:20 - Sinhala Revised Old Version

20 කුමක්හෙයින්ද පියාණන්වහන්සේ පුත්‍රයාට ප්‍රේමකරනසේක, තමන්වහන්සේ කරන්නාවූ සියල්ල ඔහුට පෙන්වනසේක. නුඹලා මවිතවන පිණිස මීට වඩා මහත් ක්‍රියාවලුත් ඔහුට පෙන්වනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මන්ද, පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන බැවින්, තමන් වහන්සේ කරන සියලු ක්‍රියා උන් වහන්සේට දක්වා වදාරන සේක. තවද, ඔබ මවිත කරවන සුලු, මීටත් වඩා මහත් ක්‍රියා ද දක්වා වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන නිසා, තමන් කරන හැම දෙයක්ම පුත්‍රයාට පෙන්වන සේක. ඔබ මවිත කරවන මීට වඩා විශිෂ්ට දෑ මතු පෙන්වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මන්ද, පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන බැවින්, තමන් වහන්සේ කරන සියලු ක්‍රියා උන් වහන්සේට දක්වා වදාරන සේක. තවද, ඔබ මවිත කරවන සුලු, මීටත් වඩා මහත් ක්‍රියා ද දක්වා වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 5:20
17 හුවමාරු යොමු  

පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේමකරනසේක, සියල්ල උන්වහන්සේ අතට භාරදී තිබේ.‍


තවද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් විය.


මක්නිසාද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි මම ප්‍රසන්නව සිටිමියි යන හඬක් උත්කෘෂ්ඨ තේජසෙන් උන්වහන්සේ කරා පහළවූ කල්හි, පියවූ දෙවියන්වහන්සේගෙන් ගෞරවයත් තේජසත් උන්වහන්සේ ලැබූසේක.


ඔබ මා කෙරෙහි ඇතුව සිටි ප්‍රේමය ඔවුන් තුළෙහිද මාත් ඔවුන් තුළෙහිද වන පිණිස ඔබගේ නාමය ඔවුන්ට දැන්වීමි, තවත් දන්වන්නෙමියි කීසේක.


දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි.


සැබැවක් සැබැවක් නුඹලාට කියමි–මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය.


යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: පියාණන්වහන්සේගෙන් බොහෝ යහපත් ක්‍රියා නුඹලාට දැක්වීමි; එයින් කොයි ක්‍රියාව නිසා මට ගල්ගසන්නහුදැයි ඇසූසේක.


යහපත්කම් කළාහු ජීවනයේ නැවත–නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත–නැගිටීමටත් පිටත්ව එන්නෝය.


සැබවක් සැබවක් නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ හඬ මළවුන්ට ඇසෙන පැය පැමිණෙන්නේය, දැනුත් පැමිණ තිබේ; අසන අය ජීවත්වන්නෝය.


මක්නිසාද පියාණන්වහන්සේ මළවුන් නැගුටුවා ජීවත්කරන්නාක්මෙන් පුත්‍රයාත් තමන් කැමතිවූවන් ජීවත්කරන්නේය.


කිසිවෙක් කිසිකලක දෙවියන්වහන්සේ දුටුවේ නැත; පියාණන්වහන්සේගේ ළයේ ඉන්නාවූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේම උන්වහන්සේ ප්‍රකාශකළසේක.


මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදී තිබේ. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා කවුද කියා නොදනියි; පුත්‍රයාත් පුත්‍රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට කැමතිද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ කවුද කියා දන්නේ නැතැයි කීසේක.


ඔහු කථාකරද්දීම දීප්තිමත් වලාපටලයක් ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. බලව, මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි; මොහුට ඇහුම්කන්දෙව්යයි වලාපටලයෙන් හඬක් විය.


මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදෙනලද්දේය. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා හඳුනන්නේ නැත; පුත්‍රයාත්, පුත්‍රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට සතුටුවන්නේද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.


නැවතත් යක්ෂයා උන්වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා, ලෝකයේ සියලු රාජ්‍යයන්ද එහි ඓශ්චර්යයද උන්වහන්සේට පෙන්වා:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්