ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 13:22 - Sinhala Revised Old Version

ගෝලයෝ උන්වහන්සේ කවරෙකු ගැන කීසේක්දෝ කියා සැකකොට ඔවුනොවුන් දෙස බැලුවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

උන් වහන්සේ එසේ කීමෙන් කවරෙකු අදහස් කළ සේක් දැ යි වියවුල් වූ ශ්‍රාවකයෝ එකිනෙකා දෙස බැලූ හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

උන්වහන්සේ කීවේ කවුරුන් ගැනදැයි සැකයෙන් ගෝලයෝ එකිනෙකා දෙස බලන්නට වූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

උන් වහන්සේ එසේ කීමෙන් කවරෙකු අදහස් කළ සේක් දැ යි වියවුල් වූ ශ්‍රාවකයෝ එකිනෙකා දෙස බැලූ හ.

පරිච්ඡේදය බලන්න



යොහන් 13:22
9 හුවමාරු යොමු  

මිසරයෙහි ධාන්‍ය තිබෙන බව යාකොබ් දැක තම පුත්‍රයන්ට කථාකොට: නුඹලා එකිනෙකා දෙස බල බලා සිටින්නේ මක්නිසාද?


ඔවුන් කමින් සිටියදී උන්වහන්සේ කථාකොට: සැබවක් නුඹලාට කියමි–නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක.


ඔව්හු අතිශයෙන් ශෝකව එකිනෙකා: ස්වාමිනි, මමද මමදැයි අසන්ට පටන්ගත්තෝය.


ඔවුන් හාන්සිවී කමින් සිටියදී යේසුස්වහන්සේ කථාකොට: සැබවක් නුඹලාට කියමි–මා සමඟ කන්නාවූ කෙනෙක් වන නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක.


ඔව්හු ශෝකවන්ටත් එක්කෙනෙක් එක්කෙනෙක් පාසා: මමද මමදැයි උන්වහන්සේගෙන් අසන්ටත් පටන්ගත්තෝය.


එහෙත් මා පාවාදෙන්නාගේ අත මා සමඟ මේසයෙහි තිබේ.


එවිට, ඒක කරන්ට යන්නේ ඔවුන්ගෙන් කවරෙක්දැයි ඔව්හු තමුන් අතරේම විචාරන්ට පටන්ගත්තෝය.


මා කථාකරන්නේ නුඹලා සියල්ලන් ගැන නොවේය. මා විසින් තෝරාගත්තවුන් මම දනිමි. නුමුත් මාගේ භෝජනය කන තැනැත්තා මට විරුද්ධව විලුඹ එසවූයේයයි ලියා තිබෙන ලියවිල්ල සම්පූර්ණ විය යුතුය.


යේසුස්වහන්සේ මෙසේ කියා ආත්මයෙන් කැලඹී සාක්ෂිදෙමින්: සැබැවක් සැබැවක් නුඹලාට කියමි–නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක.