යොහන් 12:46 - Sinhala Revised Old Version මා කෙරෙහි අදහාගන්න කවරෙක් නුමුත් අන්ධකාරයෙහි නොසිටින පිණිස මම ලෝකයට ආලෝකයක්ව ආවෙමි. Sinhala New Revised Version මා ලෝකයට ආලෝකයක් ව වැඩියේ මා අදහන කවරෙකු නමුදු අන්ධකාරයෙහි නොවසන පිණිස ය. සිංහල කාලීන පරිවර්තනය මා ලෝකයට ආලෝකයව ආවේ, මා තුළ විශ්වාස කරන කිසිවකුත් අන්ධකාරයේ නො සිටින පිණිසයි. Sinhala New Revised Version 2018 මා ලෝකයට ආලෝකයක් ව වැඩියේ මා අදහන කවරෙකු නමුදු අන්ධකාරයෙහි නොවසන පිණිස ය. |
මම කඳු සහ හෙල් පාළුකර, ඒවායේ සියලු පලාජාති වියළවන්නෙමි, ගංගා ගොඩකර, පොකුණු හින්දවන්නෙමි.
එසේ කරන්නේ අන්ධවූ ඇස් අරින්ටත් හිරකාරයන් හිරගෙයින්ද අන්ධකාරයෙහි ඉන්නන් ඇඳිරි ගෙයින්ද පිටතට ගෙනෙන්ටත්ය.
නුමුත් මාගේ නාමය කෙරෙහි භය ඇත්තාවූ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යයා ස්වකීය පියාපත්වල සුවකිරීම ඇතුව උදාවන්නේය; නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පනින්නහුය.
විනිශ්චය නම් මේය–ලෝකයට ආලෝකය පැමිණ තිබෙන නුමුත්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම්වූ බවය.
එබැවින් යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කථාකරමින්: මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක.
යේසුස්වහන්සේ කථාකොට: ඇස් නොපෙනෙනවුන්ට පෙනෙන පිණිසද ඇස් පෙනෙනවුන් අන්ධවෙන පිණිසද විනිශ්චය සඳහා මේ ලෝකයට ආවෙමියි කීසේක.
ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතටද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පහදවන්ට ඔවුන් වෙතට නුඹ යවමියි කීසේක.
එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.