Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 12:47 - Sinhala Revised Old Version

47 තවද යමෙක් මාගේ වචන අසා ඒවා නොපවත්වන්නේනම්, මම ඔහු විනිශ්චය නොකරමි. මක්නිසාද මා ආවේ ලෝකය ගළවන්ට මිස විනිශ්චයකරන්ට නොවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

47 තවද, යමෙක් මාගේ වචන අසා ඒවා නොපිළිපදින්නේ නම්, මම ඔහු විනිශ්චය නොකරමි. මා ආවේ ලෝකය ගළවන්ට මිස විනිශ්චය කරන්නට නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

47 “යමෙක් මගේ වචන අසා, ඒවා පිළිපදින්නේ නැති වුවත්, මා ඔහු විනිශ්චය කරන්නේ නැත. මා ආවේ ලෝකය විනිශ්චය කිරීමට නො වෙයි; ලෝකය ගලවා ගැනීමටයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

47 තවද, යමෙක් මාගේ වචන අසා ඒවා නොපිළිපදින්නේ නම්, මම ඔහු විනිශ්චය නොකරමි. මා ආවේ ලෝකය ගළවන්ට මිස විනිශ්චය කරන්නට නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 12:47
13 හුවමාරු යොමු  

මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය.


මා එපාකොට මාගේ වචන පිළිනොගන්නා විනිශ්චයකරන්නෙක් සිටිනසේක. මා කී වචනයම අන්තිම දවසේදී ඔහු විනිශ්චයකරන්නේය.


පියාණන්වහන්සේ විසින් පුතායාණන් ලෝකයාගේ ගැළවුම්කාරයා කොට එවූ බව අපි දුටිමුව, ඊට සාක්ෂිදෙමුව.


මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැතිවූ දේ සොයන්ටද ගළවාගන්ටද ආයේයයි කීසේක.


පියාණන්වහන්සේ ඉදිරියෙහි මම නුඹලාට වරද තබන්නෙමියි නොසිතන්න. නුඹලාට වරද තබන කෙනෙක් ඇත. එනම් මෝසෙස්ය. නුඹලාගේ බලාපොරොත්තුව තබා තිබෙන්නේ ඔහු කෙරෙහිය.


එසේම මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේයයි කීසේක.


අපේ ප්‍රේමවන්ත සහෝදරවූ පාවුල්ද තමාට දුන් ප්‍රඥාව ලෙස නුඹලාට ලියා එවුවාක්මෙන්, අපගේ ස්වාමීන්වහන්සේගේ ඉවසිලිවන්තකම ගැළවීමයයි සලකන්න.


නුඹලා ගැන කථාකරන්ටත් විනිශ්චයකරන්ටත් බොහෝ කාරණා මට ඇත්තේය. එසේ වුවත් මා එවූ තැනන්වහන්සේ සත්‍යවාදි කෙනෙක්ය; උන්වහන්සේගෙන් ඇසූ දේම මම ලෝකයාට කියමියි කීසේක.


මේ බාලයන්ගෙන් එකෙකුටවත් හෙළා නොදක්නා ලෙස බලාගන්න.


එවිට ඔව්හු වෙන ගමකට ගියෝය.


මක්නිසාද ස්වර්ගයේදී ඔවුන්ගේ දූතයෝ ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ මුහුණ නිතරම දකිතියි නුඹලාට කියමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්