එඬේරෙක් නොවූ, බැටළුවන්ගේ අයිතිකාරයා නොවන්නාවූ කුලීකාරයා වෘකයා එනවා දැක බැටළුවන් අත්හැර පලායන්නේය, වෘකයා උන් අල්ලමින් විසුරුවාදමන්නේය.
යොහන් 10:13 - Sinhala Revised Old Version ඔහු පලායන්නේ ඔහු කුලීකාරයෙකු නිසාත් බැටළුවන් ගැන නොසලකන නිසාත්ය. Sinhala New Revised Version ඔහු පලා යන්නේ ඔහු කුලීකාරයෙකු වන නිසාත්, බැටළුවන් ගැන සැලකිල්ලක් ඔහුට නැති නිසාත් ය. සිංහල කාලීන පරිවර්තනය ඔහු පැන දුවන්නේ, ඔහු කුලීකරුවකු බැවින්, බැටළුවන් ගැන කිසි තැකීමක් ඔහුට නැති නිසයි. Sinhala New Revised Version 2018 ඔහු පලා යන්නේ ඔහු කුලීකාරයෙකු වන නිසාත්, බැටළුවන් ගැන සැලකිල්ලක් ඔහුට නැති නිසාත් ය. |
එඬේරෙක් නොවූ, බැටළුවන්ගේ අයිතිකාරයා නොවන්නාවූ කුලීකාරයා වෘකයා එනවා දැක බැටළුවන් අත්හැර පලායන්නේය, වෘකයා උන් අල්ලමින් විසුරුවාදමන්නේය.
මම යහපත් බැටළු එඬේරාය; පියාණන්වහන්සේ මා අඳුනන්නාක්මෙන්ද, මා පියාණන්වහන්සේ අඳුනන්නාක්මෙන්ද, මම මාගේ බැටළුවන් අඳුනමි.
ඔහු මේක කීවේ දිළිඳුන් සැලකූ නිසා නොව ඔහු සොරෙකු බැවිනුත් මුදල් පසුම්බිය භාරව එහි දැමූ දේ රැගෙනගිය බැවිනුත්ය.
එවිට ඒ සියල්ලෝ සිනගෝගයේ මුලාදෑනියාවූ සොස්තෙනේස් අල්ලා නඩු ආසනය ඉදිරියේදී ඔහුට තැළුවෝය. ගලියෝ මේ දේවලින් කිසිවක් ගැන සැලකුවේ නැත.
නුඹලාද කරදර නැතුව සිටිනවාට කැමැත්තෙමි. විවාහ නොවූ තැනැත්තේ ස්වාමීන්වහන්සේව සතුටු කරන්නේ කෙසේද කියා ස්වාමීන්වහන්සේගේ කාරණා ගැන සලකන්නේය.