Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 7:33 - Sinhala Revised Old Version

33 විවාහවූ තැනැත්තේ භාර්යාව සතුටු කරන්නේ කෙසේද කියා ලෝකයේ කාරණා ගැන සලකන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 විවාහක තැනැත්තේ තම භාර්යාව සතුටු කරන්නේ කෙසේ දැ යි සිතමින් ලෝකයේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

33 එහෙත්, විවාහක මිනිසා, තම භාර්යාව සතුටු කරන්නේ කෙසේදැයි ලෞකික දෑ ගැන කනස්සලු වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 විවාහක තැනැත්තේ තම භාර්යාව සතුටු කරන්නේ කෙසේ දැ යි සිතමින් ලෝකයේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 7:33
13 හුවමාරු යොමු  

එසේම, පුරුෂයෙනි, නුඹලාගේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස, වඩා දුර්වල භාජනවූ භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසයකරමින්, ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක්කාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව දෙන්න.


පුරුෂයෙනි, නුඹලාගේ භාර්යාවන් කෙරෙහි කර්කස නොවී ඔවුන්ට ප්‍රේමකරන්න.


යමෙක් තමාගේ අය, ප්‍රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.


පුරුෂයා භාර්යාවට යුතු දේ කරදේවා. එසේම භාර්යාවත් පුරුෂයාට කරදේවා.


තවද උන්වහන්සේ තමන් ගෝලයන්ට කියනසේක්: එහෙයින් නුඹලාට කියමි–කුමක් කමුද කියා ජීවිතය ගැනවත්–කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න.


තවත් කෙනෙක්ද: මම භාර්යාවකු සරණපාවා ගතිමි, එබැවින් එන්ට බැරියයි කීවේය.


ඔහු පලායන්නේ ඔහු කුලීකාරයෙකු නිසාත් බැටළුවන් ගැන නොසලකන නිසාත්ය.


නුඹලාද කරදර නැතුව සිටිනවාට කැමැත්තෙමි. විවාහ නොවූ තැනැත්තේ ස්වාමීන්වහන්සේව සතුටු කරන්නේ කෙසේද කියා ස්වාමීන්වහන්සේගේ කාරණා ගැන සලකන්නේය.


එසේම භාර්යාව හා කන්‍යාව අතරෙහිද වෙනසක් ඇත. විවාහ නොවූ තැනැත්තී ශරීරයෙන්ද ආත්මයෙන්ද ශුද්ධව සිටින පිණිස ස්වාමීන්වහන්සේගේ කාරණා ගැන සලකන්නීය. නුමුත් විවාහවී සිටින තැනැත්තී පුරුෂයා සතුටුකරන්නේ කෙසේද කියා ලෝකයේ කාරණා ගැන සලකන්නීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්