පිලිප් සහ බර්තොලොමෙව්ය; තෝමස් සහ සුංගම් අයකරන්නා වන මතෙව්ය; අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ් සහ තද්දියස්ය;
යොහන් 1:46 - Sinhala Revised Old Version නතානියෙල්ද: නාසරෙත් නුවරින් යම් යහපතක් එන්ට පුළුවන්දැයි ඔහුට කීවේය. ඇවිත් බලන්නැයි පිලිප් ඔහුට කීවේය. Sinhala New Revised Version නතානියෙල් ද කතා කරමින්, “වැදගැම්මක් ඇති කිසිවක් නාසරෙතින් නික්මේ දැ”යි ඇසී ය. “ඇවිත් බලන්නැ”යි පිලිප් කී ය. සිංහල කාලීන පරිවර්තනය “නාසරෙත්!” යයි කී නතානියෙල්, “කිසි හොඳක් එහෙන් ඒ දැ?” යි ඇසී ය. “ඇවිත් බලන්නැ” යි පිලිප් කීවේ ය. Sinhala New Revised Version 2018 නතානියෙල් ද කතා කරමින්, “වැදගැම්මක් ඇති කිසිවක් නාසරෙතින් නික්මේ දැ”යි ඇසී ය. “ඇවිත් බලන්නැ”යි පිලිප් කී ය. |
පිලිප් සහ බර්තොලොමෙව්ය; තෝමස් සහ සුංගම් අයකරන්නා වන මතෙව්ය; අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ් සහ තද්දියස්ය;
නාසරෙත් නම් නුවරට පැමිණ, එහි වාසයකෙළේය. මෙසේ වූයේ: උන්වහන්සේ නාසරියයෙක්යයි කියනු ලබනසේකැයි අනාගතවක්තෘවරුන් කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.
පිලිප් නතානියෙල් දැක: යම් කෙනෙකු ගැන මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහිත් අනාගතවක්තෘවරුන් විසිනුත් ලියන ලද්දේද උන්වහන්සේ අපට සම්බවූසේක. උන්වහන්සේ යෝසෙප්ගේ පුත්‍රවූ නාසරිය යේසුස්යයි ඔහුට කීවේය.
එවිට ඔව්හු ගලීලයේ බෙත්සයිදාවේ පිලිප් වෙතට පැමිණ: මහතාණෙනි, අපි යේසුස්වහන්සේ දකින්ට කැමැත්තෙමුයයි කීවෝය.
මා කළ සියල්ල මට කීවාවූ මනුෂ්‍යයෙකු බලන්ට එන්න. ඒ ක්‍රිස්තුස්වහන්සේදෝහෝයි මනුෂ්‍යයන්ට කීවාය.
යේසුස්වහන්සේ ඇස් ඔසවා තමන් ළඟට මහත් සමූහයක් එන බව දැක: මොවුන්ට කන්ට දෙන්ට අපි කොතැනින් රොටි මිලේට ගනිමුදැයි පිලිප්ගෙන් ඇසූසේක.
පිලිප් උන්වහන්සේට උත්තරදෙමින්: එකිනෙකාට ටික ටිකවත් ලැබෙන පිණිස මසු දෙසියයක රොටිත් ඔවුන්ට මදියයි කීවේය.
ඔව්හු උත්තරදෙමින්: නුඹත් ගලීලයෙන්ද? ගලීලයෙන් අනාගතවක්තෘ කෙනෙක් නොනැගිටින බව සොයා බලන්නැයි ඔහුට කීවෝය.