Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 4:29 - Sinhala Revised Old Version

29 මා කළ සියල්ල මට කීවාවූ මනුෂ්‍යයෙකු බලන්ට එන්න. ඒ ක්‍රිස්තුස්වහන්සේදෝහෝයි මනුෂ්‍යයන්ට කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 “එන්න ඇවිත් බලන්න, මා කළ සියල්ල මට කී මනුෂ්‍යයෙක් සිටියි. එතුමා ක්‍රිස්තුස් විය නොහැකි දැ”යි සෙනඟට කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

29 “වරෙල්ලා, මෙතෙක් මා කළ හැම දෙයක්ම කී මිනිසකු බලන්නට; මෙතුමා ක්‍රිස්තුස්වහන්සේවත්දෝ” යි මිනිසුන්ට කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 “එන්න ඇවිත් බලන්න, මා කළ සියල්ල මට කී මනුෂ්‍යයෙක් සිටියි. එතුමා ක්‍රිස්තුස් විය නොහැකි දැ”යි සෙනඟට කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 4:29
12 හුවමාරු යොමු  

ආත්මයාණන්වහන්සේද මණමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.


ස්ත්‍රී උන්වහන්සේට කථාකොට: (ක්‍රිස්තුස්යයි කියන) මෙසියස්වහන්සේ එන බව දනිමි. උන්වහන්සේ ආවාම සියල්ල අපට දන්වනසේකැයි කීවාය.


නුමුත් සමූහයාගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය. තවද ඔව්හු: ක්‍රිස්තුස්වහන්සේ ආ කල මුන්වහන්සේ කළ ලකුණුවලට වඩා උන්වහන්සේ කරනසේක්දැයි කීවෝය.


එහෙත් ඔහු ප්‍රසිද්ධයෙන් කථාකරයි, ඔව්හු කිසි දෙයක් ඔහුට නොකියති. මොහු ක්‍රිස්තුස්වහන්සේ බව මුලාදෑනීහු සැබෑවටම දැනගෙන සිටිනවාදෝ?


සියලු සමූහයෝ විස්මපත්වී: මුන්වහන්සේ දාවිත්ගේ පුත්‍රයාණෝදැයි ඇසුවෝය.


එකල ස්ත්‍රී තමාගේ කළය තබා නුවරට ගොස්:


එවිට ඔව්හු නුවරින් පිටත්ව උන්වහන්සේ වෙතට ආවෝය.


මා කළ සියල්ල උන්වහන්සේ මට කීසේකැයි සාක්ෂිදුන් ස්ත්‍රියගේ වචන නිසා ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.


සාමුවෙල්ද සාවුල්ට උත්තර දෙමින්: දිවස් ඇත්තා මමය; මට පෙරටුව උස් තැනට යන්න, මක්නිසාද නුඹලා අද මා සමඟ කෑම කන්ට ඕනෑය. හෙට උදේ නුඹ යන්ට හරින්නෙමි, නුඹේ සිතේ තිබෙන සියල්ලද නුඹට දන්වන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්