ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 8:8 - Sinhala Revised Old Version

ඔව්හු වනාහි කාලා තෘප්තියට පැමිණියෝය. ඉතිරිවූ කැබෙලි එක්කොට කුඩා සතක් පුරාවාගත්තෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු ද කා තෘප්තියට පැමිණියාහ. ඉතිරි වූ කැබෙලි එක් කොට කූඩා සතක් පුරවාගත්හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ජන සමූහයා අනුභව කොට, සෑහීමට පැමිණි පසු ඉතිරි වූ කැබලිවලින් ඔවුහු ලොකු කූඩ හතක් පුරවා ගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු ද කා තෘප්තියට පැමිණියාහ. ඉතිරි වූ කැබෙලි එක් කොට කූඩා සතක් පුරවාගත්හ.

පරිච්ඡේදය බලන්න



මාක් 8:8
16 හුවමාරු යොමු  

ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරනසේක.


සියල්ලෝම කා තෘප්තියට පැමිණියෝය. ඔව්හු කැඩූ කැබෙලිවලින් ඉතිරි ඒවා එක්කොට පැස් දොළොසක් පුරවාගත්තෝය.


සියල්ලෝම කා තෘප්තියට පැමුණුණෝය. ඉතිරිවූ කැබෙලි එක්කොට කූඩා සතක් පුරවා ගත්තෝය.


සාරදහසකට දුන් රොටි සත ගැනත්, කූඩා කීයක් පුරවාගත්තහුද කියාත් මතක නැද්ද?


කෑවාවූ අය සාරදහසක් පමණ වූහ. උන්වහන්සේ ඔවුන් යන්ටහැරියසේක.


බඩගිනිවූවන් යහපත් දෙයින් තෘප්තියට පමුණුවා, වස්තුකාරයන් හිස් අතින් හැරිය සේක.


නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක.