ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 5:12 - Sinhala Revised Old Version

ඔව්හුද: ඌරන්ට වැහෙන පිණිස අප හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අශුද්ධාත්මයෝ ද, “ඌරන්ට වැහෙන පිණිස අප උන් මැදට යැවුව මැනවැ”යි අයැද සිටියහ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“ඌරන් අතරට අප යවන්න; උන්ට වැහෙන්නට අපට අවසර දෙන්නැ” යි ඔවුහු උන්වහන්සේගෙන් අයැදියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අශුද්ධාත්මයෝ ද, “ඌරන්ට වැහෙන පිණිස අප උන් මැදට යැවුව මැනවැ”යි අයැද සිටියහ.

පරිච්ඡේදය බලන්න



මාක් 5:12
9 හුවමාරු යොමු  

නුමුත් ඔබගේ අත දිගුකර ඔහුගේ ඇටවලටත් ඔහුගේ මාංසයටත් තැබුවොත්, ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබට දොස් කියනවා ඇතැයි කීවේය.


උන්වහන්සේගේ කීර්තිය සිරියා රට මුළුල්ලෙහි පතළව ගියාය. නොයෙක් රෝගපීඩාවලින් පීඩිතවූ සියලු රෝගීහුද යක්ෂා වේශවූවෝද මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය; උන්වහන්සේ ඔවුන් සුවපත්කළසේක.


ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරාදමන්ට පුළුවන.


එතැන කන්ද අයිනේ මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියේය.


උන්වහන්සේ ඔවුන්ට අවසරදුන්සේක. අශුද්ධාත්මයන් නික්ම ගොස් ඌරන්ට වැහුණු කල, දෙදහසක් පමණවූ ඒ ඌරු රැළ ප්‍රපාතය පහළට වේගයෙන් දුව ගොස් මුහුදේ වැටී ගිලී මළෝය.


ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසාය. මක්නිසාද ඔහුගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේ.


සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.