ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 4:22 - Sinhala Revised Old Version

මක්නිසාද මතු එළිදරව් නොවන සඟවනලද දෙයක්වත්, මතු ප්‍රසිද්ධකරනු නොලබන රහසේ තැබූ කිසි දෙයක්වත් නැත්තේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මන්ද යත්, හෙළි නොකරනු ලබන සැඟවුණ දෙයක් වත්, පළ නොකරනු ලබන රහසක් වත් නැති හෙයිනි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මන්ද අනාවරණ නො කරන්නට සඟවන ලද කිසිවක් නැත; එළියට නො ගෙනෙන ලෙස වසන් කරන කිසිවක් ද නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මන්ද යත්, හෙළි නොකරනු ලබන සැඟවුණ දෙයක් වත්, පළ නොකරනු ලබන රහසක් වත් නැති හෙයිනි.

පරිච්ඡේදය බලන්න



මාක් 4:22
10 හුවමාරු යොමු  

මක්නිසාද යහපත්වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන්වහන්සේ විනිශ්චයට පමුණුවනසේක.


මක්නිසාද එළිදරව්කරනු නොලබන සඟවනලද දෙයක් නැත; නොහොත් දැනගනු නොලබන්නාවූ එළිදරව් නොවන්නාවූ කිසි රහසක්ද නැත.


මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.


මක්නිසාද අප ඇසූ දුටු දේ ගැන කථානොකර සිටින්ට අපට නුපුළුවනැයි කීවෝය.


එහෙයින් ස්වාමීන්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන්න. උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව්කොට, සිත්වල අදහස් ප්‍රකාශකරනසේක; එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය.