Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 4:21 - Sinhala Revised Old Version

21 තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පහන ගෙනෙන්නේ කුරුණිය යට හෝ ඇඳ යට හෝ තබන පිණිසද? පහන් රුක උඩ තැබීමට නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “පහනක් ගෙනෙන්නේ බඳුනක් හෝ යහනක් හෝ යට තබන පිණිස ද? පහන් රුක උඩ තැබීමට නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ පහනක් ගෙනෙන්නේ, එය බඳුනකින් වසා තබන්න ද? නැත්නම් ඇඳක් යට තබන්න ද? පහන් රුක මත තැබීමට නො වේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “පහනක් ගෙනෙන්නේ බඳුනක් හෝ යහනක් හෝ යට තබන පිණිස ද? පහන් රුක උඩ තැබීමට නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 4:21
7 හුවමාරු යොමු  

මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි.


කිසිවෙක් පහනක් දල්වා, ඇතුල්වන්නන්ට එළිය ලැබෙන පිණිස පහන්රුක උඩ තබනවා මිස, යට ගබඩාවකවත් කුරුණියක් යටවත් නොතබයි.


කිසිවෙක් පහනක් දල්වා භාජනයකින් නොවසයි; ඇඳක් යටද නොතබයි; නුමුත් ඇතුල්වන්නන්ට එළිය පෙනෙන පිණිස පහන්රුක උඩ තබයි.


නුමුත් ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම එකිනෙකාට දී තිබෙන්නේ ප්‍රයෝජනය පිණිසය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්