මාක් 3:34 - Sinhala Revised Old Version තමන් අවට වාඩිවී උන්නවුන් දෙස වටේට බලා: මෙන්න, මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත්! Sinhala New Revised Version තමන් පිරිවරා අවට වාඩි වී සිටියවුන් දෙස වටේට බලා, “මෙන්න මාගේ මෑණියෝ, මෙන්න මාගේ සහෝදරයෝ! සිංහල කාලීන පරිවර්තනය තමා වටා වාඩි වී සිටියවුන් දෙස බලා, “මෙන්න මාගේ මෑණියන් හා මාගේ සහෝදරයින්. Sinhala New Revised Version 2018 තමන් පිරිවරා අවට වාඩි වී සිටියවුන් දෙස වටේට බලා, “මෙන්න මාගේ මෑණියෝ, මෙන්න මාගේ සහෝදරයෝ! |
එකල යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: භය නොවෙන්න, මාගේ සහෝදරයන් ළඟට ගොස්, ගලීලයට පිටත්ව යන්ට ඔවුන්ට කියන්න, එහිදී ඔවුන් මා දකිනවා ඇතැයි කීසේක.
ඔවුන්ගේ විශ්වාසය නැතිකම ගැන උන්වහන්සේ මවිතවූසේක. උන්වහන්සේ උගන්වමින් අවට ගම්වල ඇවිද්දසේක.
යේසුස්වහන්සේ: මට අත නොගසන්න; මක්නිසාද මම තවම පියාණන්වහන්සේ වෙතට නොනැංගෙමි. නුමුත් මාගේ සහෝදරයන් ළඟට ගොස්–මම මාගේ පියාණන්වහන්සේ හා නුඹලාගේ පියාණන්වහන්සේද මාගේ දෙවියන්වහන්සේ හා නුඹලාගේ දෙවියන්වහන්සේද වෙතට නගිමියි ඔවුන්ට කියන්නැයි ඈට කීසේක.
මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියමකළසේක.