Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 3:33 - Sinhala Revised Old Version

33 උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත් කවුරුදැයි කියා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 උන් වහන්සේ උත්තර දෙමින්, “මාගේ මෑණියෝත්, මාගේ සහෝදරයෝත් කවුරු ද” කියා පෙන්වමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

33 උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ මෑණියන් හා මගේ සහෝදරයින් කවුරු දැ?” යි පවසා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 උන් වහන්සේ උත්තර දෙමින්, “මාගේ මෑණියෝත්, මාගේ සහෝදරයෝත් කවුරු ද” කියා පෙන්වමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 3:33
9 හුවමාරු යොමු  

මොහු මරියාගේ පුත්‍රවූද යාකොබ්, යෝසෙස්, යූදස් සහ සීමොන්ගේ සහෝදරවූද වඩුවා නොවේද? මොහුගේ සහෝදරියෝ මෙහි අප අතරේ සිටිනවා නොවේද කියා උන්වහන්සේ ගැන බාධාවූහ.


උන්වහන්සේගේ නෑයෝ ඒ අසා, උන්වහන්සේට ඔල්මාදයයි කියා උන්වහන්සේ අල්ලන්ට ගියෝය.


තමාගේ පියා ගැනත් මවු ගැනත් මම ඔවුන් නුදුටුවෙමියි කීවාවූ, තමාගේ සහෝදරයන් නෑඳින තමාගේ දරුවන් නොදැන සිටියාවූ, නුඹේ ප්‍රිය තැනැත්තා ළඟ නුඹේ තුම්මීම්ද නුඹේ ඌරීම්ද ඇත්තේය. මක්නිසාද ඔව්හු ඔබගේ වචනය පැවැත්තුවෝය, ඔබගේ ගිවිසුමද රක්ෂාකෙරෙති.


එහෙයින් මෙතැන් පටන් අපි මාංසාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමුව. මාංසාකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ දැනගෙන සිටිය නුමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමුව.


යේසුස්වහන්සේද: ස්ත්‍රිය, නුඹෙන් මට කම මොකද? මාගේ වේලාව තවම පැමුණුණේ නැතැයි ඈට කීසේක.


එවිට උන්වහන්සේ: නුඹලා මා සෙවුවේ මක්නිසාද? මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි මා සිටින්ට ඕනෑ බව නුඹලා දැන සිටියේ නැද්දැයි ඔවුන්ට කීසේක.


සමූහයක් උන්වහන්සේ අවට වාඩිවී උන්නේය. බැලුව මැනව, ඔබවහන්සේගේ මෑණියොත් සහෝදරයොත් පිටත සිට ඔබ සොයතියි ඔව්හු උන්වහන්සේට කීවෝය.


තමන් අවට වාඩිවී උන්නවුන් දෙස වටේට බලා: මෙන්න, මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත්!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්